පේදුරුතුඩුවේදී පොලීසියට මිරිස්කුඩු ප්‍රහාරයක්!

පේදුරුතුඩුව 60 හන්දියේ මාර්ග බාධක සෝදිසි රාජකාරියේ නිරතව සිටි ‍පොලිස් නිලධාරීන් පිරිසකට මිරිස් කුඩු ප්‍රහාරයක් එල්ල කර පලාගිය සැකකරුවන් ප...

පේදුරුතුඩුව 60 හන්දියේ මාර්ග බාධක සෝදිසි රාජකාරියේ නිරතව සිටි ‍පොලිස් නිලධාරීන් පිරිසකට මිරිස් කුඩු ප්‍රහාරයක් එල්ල කර පලාගිය සැකකරුවන් පිරිසක් සොයා ‍පොලිස් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

ඊයේ (21) අලුයම 3.00ට පමණ එල්ල වූ එම මිරිස් කුඩු ප්‍රහාරයෙන් දෑසට සුළු හානියක් වූ ‍පොලිස් නිලධාරීන් රෝහල් ගත කර ඇති බව ‍පොලිස් තොරතුරු අනාවරණය කළේය. එම නිලධාරියා මිරිස්කුඩු ප්‍රහාරය එල්ල කළ පුද්ගලයා සමග ‍පොර බදා ඇති බවද ‍පොලිස් තොරතුරු අනාවරණය කළේය.

එම මාර්ග බාධක සෝදිසි ස්ථානයේ නිලධාරීන් කිහිප දෙනෙකු රාජකාරියේ නිරතව සිට ඇතත් ප්‍රහාරයට ලක්ව ඇත්තේ එක් නිලධාරියෙක් පමණි. සෙසු නිලධාරීන් තරමක් ඈතක සිට ඇති බව සඳහන්ය. ‍පොර බදන ශබ්දයට සහ කෑගසන ශබ්දයට එම නිලධාරීන් දුව එන විට සැකකරු තවත් පිරිසක් සමග පලාගොස් ඇති බව ‍පොලිස් ආරංචි මාර්ග අනාවරණය කළේය.

සැකකරු පරීක්ෂා කිරීමට යාමේදී මෙම ප්‍රහාරය එල්ල වී ඇති අතර ඔවුන් පාපැදිවලින් සහ පාගමනින් පැමිණි බවට මත දෙකක්ද පවතී.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3241537870942399194

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item