අගමැති උපදේශක ධුරයෙන් අර්ජුන ඉවත් කරාවි - රාජිත

අගමැති කාර්යාලයේ උපදේශක තනතුරක්‌ දරන හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා එම තනතුරෙන් ඉවත් කිරීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ...

අගමැති කාර්යාලයේ උපදේශක තනතුරක්‌ දරන හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා එම තනතුරෙන් ඉවත් කිරීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කරනු ඇතැයි සම කැබිනට්‌ ප්‍රකාශක සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා පැවැසීය.අගමැතිවරයා අර්ජුන මහේන්ද්‍රන් සමග කතාබහ කර වැදගත් අයුරින් අවශ්‍ය තීන්දුව ගනු ඇතැයිද ඇමැතිවරයා සඳහන් කළ්ය.

කැබිනට්‌ තීරණ දැනුම් දීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ඊයේ (9 දා) පැවැති මාධ්‍ය හමුවේදී හෙතෙම මේ බව පැවැසීය.

ගැටලුවකදී කලබලකාරී නොවී සැහැල්ලුවෙන් කටයුතු කිරීම අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ස්‌වභාවය බව මෙහිදී කී රාජිත සේනාරත්න අගමැතිවරයා අර්ජුන මහේන්ද්‍රන් සම්බන්ධයෙන් එසේ ක්‍රියා කරනු ඇතැයි තමන්ගේ විශ්වාසය බවද සඳහන් කළේය.

මහ බැංකු අධිපති ධුරයෙන් ඉවත් වීමෙන් පසු අගමැතිවරයා අර්ජුන මහේන්ද්‍රන් මහතා රජයේ පස්‌ අවුරුදු සංවර්ධන සැලැස්‌මේ උපදේශකවරයෙකු ලෙස පත්කරනු ලැබුවේ බැඳුම්කර වංචාව පිළිබඳ චෝදනාව එල්ල වී තිsබියදී පමණක්‌ බව වැඩිදුරටත් පැවසූ ඇමැතිවරයා දැන් කෝප් වාර්තාව මගින් එකී චෝදනා තහවුරු වී තිබෙන බවද පැවැසීය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6193060850159602319

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item