මහින්ද නව පක්‍ෂයේ නායකයා – යෝජනාවක් ඒකමතිකව සම්මත කෙරේ

අලූතින් පිහිටුවා ගැනුනු ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුනේ නායකත්වය මහින්ද රාජපක්‍ෂ මහතා විසින් බාරගත යුතු බවට වූ විශේෂ යෝජනාවක් අද (28) පැවති මි...

අලූතින් පිහිටුවා ගැනුනු ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුනේ නායකත්වය මහින්ද රාජපක්‍ෂ මහතා විසින් බාරගත යුතු බවට වූ විශේෂ යෝජනාවක් අද (28) පැවති මිනුවන්ගොඩ එකාබද්ධ විපක්‍ෂ බල මණ්ඩලයේදි ඒකමතිකව සම්මත විය.

මෙම රැස්වීම පැවැත්වුනේ උඩුගම්පල රෙජී රණතුංග සමරු සම්මන්ත‍්‍රණ ශාලාවේදීයි.

මෙම එකාබද්ධ විපක්‍ෂ බල මණ්ඩලය පත් කර ගැනුනේ ප‍්‍රසන්න රණතුංග මහතා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ සංවිධායක ධුරයෙන් ඉවත් කිරීමෙන් පසුවයි. එතෙක් රණතුංග මහතාගේ නායකත්වය යටතේ පැවති මිනුවන්ගොඩ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ බල මණ්ඩලය එකාබද්ධ විපක්‍ෂයේ මිනුවන්ගොඩ බල මණ්ඩලය ලෙස පවත්වාගෙන යාමට තීරණය කර තිබුනි. මිනුවන්ගොඩ ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපති කුමාර අරංගල්ල මහතා එම බල මණ්ඩලයේ ලේකම්වරයායි. ප‍්‍රාදේශීය සභා නගර සභා මන්ත‍්‍රීවරු සහා මිනුවන්ගොඩ ග‍්‍රාමසේවා වසම් 121 ක ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ ශාඛා, කාන්තා, තරුණ හා අනුබද්ධ සංවිධානවල නිලධාරීහු මෙම බලමණ්ඩලයේ සාමාජිකයෝ වෙති. අද පැවති බල මණ්ඩල රැුස්වීමටද ඔවුන් සියළු දෙනා සහභාගී විය. කුමාර අරංගල්ල මහතා සහා ප‍්‍රාදේශීය සභා නගර සභා මන්ත‍්‍රීවරුන් ඊට එක්ව සිටියේ ඊයේ (27) ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුනේ සාමාජිකත්වය ලබා ගැනීමෙන් පසුවය.

අදාල යෝජනවා ඉදිරිපත් කරමින් හිටපු සභාපති කුමාර අරංගල්ල මහතා සඳහන් කලේ තව දුරටත් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ දේශපාලනය කිරීමෙන් තේරුවක් නොමැති බවයි. ඉදිරි මැතිවරණයේදි ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය නියෝජනය කරන බහුතර ප‍්‍රාදේශීය සභා නගර සභා මන්ත‍්‍රීවරුන් ඉදිරිපත් වන්නේ නව දේශපාලන පක්‍ෂයෙන් බැවින් ඊට නායකත්වය ලබාදෙන්නැයි මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව අරංගල්ල මහතා මෙහිදි සඳහන් කලේය. ඔහු පෙන්වා දුන්නේ මහින්ද රාජපක්‍ෂ මහතා ජනතාව සමග සිටින නායකයෙකු බැවින් ජනතාවගේ මෙම ඉල්ලීම ප‍්‍රතිශේප කරනු ඇතැයි තමන් විශ්වාස නොකරන බවයි.

– ප‍්‍රදීප් අනුර කුමාර



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3409709654051045594

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item