යුගයක් අවසන්. ඔබේ මතකය අපට ආදර්ශයක් – මහින්ද ලියයි
කියුබානු විප්ලවයේ අසහාය නායක එරට හිටපු ජනාධිපති ෆිදෙල් කස්ත්‍රෝගේ අභාවය වෙනුවෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් වත්මන් කියුබා...

https://www.sathhanda.com/2016/11/blog-post_706.html
කියුබානු විප්ලවයේ අසහාය නායක එරට හිටපු ජනාධිපති ෆිදෙල් කස්ත්‍රෝගේ අභාවය වෙනුවෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් වත්මන් කියුබානු ජනාධිපතිවරයාට තම සංවේගය ප්‍රකාශ කරමින් ලිපියක් යවා ඇත.
පහත දැක්වෙන්නේ එම ලිපියේ සිංහල පරිවර්තනයකි.
අතිගරු රවුල් කැස්ත්‍රෝ,
කියුබාවේ ජනාධිපති,
ජනාධිපති මන්දිරය,
හවානා නගරය,
කියුබාව.
මැතිතුමනි,
කියුබානු විප්ලවයේ නායක, සමාජවාදී කියුබාවේ නිර්මාතෘ සහ අපේ යුගයේ ශ්‍රේෂ්ඨතම නායකයෙකු වූ ෆිදෙල් කැස්ත්‍රෝ මහතාගේ අභාවය ගැන අපි මහත්සේ කණගාටු වෙමු. මේ සම්බන්ධයෙන් අපගේ සංවේගය ඔහුගේ සොහොයුරා මෙන්ම දේශපාලන අනුප්‍රාප්තිකයාද වන ඔබටත්, කියුබානු ජනතාවටත් ප්‍රකාශකර සිටීමට කැමැත්තෙමි. ෆිදෙල් කැස්ත්‍රෝ මහතාගේ අභාවය යුගයක අවසානය සනිටුහන් කරයි. ඔහු නායකත්වය දුන් කියුබානු විප්ලවය ලොව පුරා තරුණයන්ගේ ආකාර්ශණය දිනාගත් දේශපාලන සංසිද්ධියක් විය. ෆිදෙල් කැස්ත්‍රෝමහතා ලොවට කියාදුන් වැදගත්ම දේශපාලන පාඩමක් වූයේ අධිපතිවාදී මහා බලවතුන් හමුවේ වුවත්, කුඩා රටක් තම සෛරීත්වයත්, ස්වාධීනත්වයත් රැකගෙන ඉදිරියට යන්නේ කෙසේද යන්නයි. ඔහු පිළිබඳ මතකය අපට ඉදිරියටත් ආදර්ශයක් වෙනු ඇත.
මීට හිතවත්,
මහින්ද රාජපක්‍ෂ (පා.ම)
ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති
Related