පුංචි ඡන්දය ගැන මේ සතියේ තීරණයක්‌ නැතිනම් මාරාන්තික උපවාසයක්‌ - ඩලස්‌

පළාත් පාලන මැතිවරණය පිළිබඳ මේ සතිය තුළ තීරණයක්‌ නොලැබුණහොත් මැතිවරණ කාර්යාලය ඉදිරිපිටදී මාරාන්තික උපවාසයකට හිටපු පළාත් පාලන ආයතන නියෝජිතය...

පළාත් පාලන මැතිවරණය පිළිබඳ මේ සතිය තුළ තීරණයක්‌ නොලැබුණහොත් මැතිවරණ කාර්යාලය ඉදිරිපිටදී මාරාන්තික උපවාසයකට හිටපු පළාත් පාලන ආයතන නියෝජිතයන් සූදානමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස්‌ අලහප්පෙරුම පැවසීය. මෙම උපවාසයට ඒකාබද්ධ විපක්‍ෂයේ හිටපු පළාත් පාලන ආයතන නියෝජිතයන් පමණක්‌ නොව එක්‌සත් ජාතික පක්‍ෂය, ජනතා විමුක්‌ති පෙරමුණ නියෝජිතයන්ද අත්වැල් බැඳගන්නා බව හෙතෙම සඳහන් කළේය.

බොරැල්ල කොටා පාරේ පිහිටි ආචාර්ය එන්. එම්. පෙරේරා කේන්ද්‍රයේදී පෙරේදා (2 දා) පැවැති මාධ්‍ය හමුවේදී මේ බව පැවසූ ඩලස්‌ අලහප්පෙරුම මෙසේ ද කීවේය.

පළාත් පාලන ආයතන 61 ක සංශෝධන ඉදිරිපත් වෙලා නෑ. 61 ක සීමා නිර්ණය පිළිගෙන තිබෙනවා. සීමා නිර්ණය නිරවුල්. එය ජනාධිපතිවරයාගේ අත්සනින් අගෝස්‌තු මාසයේ ගැසට්‌ කර තිබෙනවා. එහෙම නම් දැන් මැතිවරණය තියන්න. අපි ඒකාබද්ධ විපක්‍ෂය මැතිවරණ කොමිසමේ සභාපතිට කියනවා ඔබේ නිර්භීතභාවය ප්‍රකාශ කරන්න කියලා. කරුණාකර මේ පළාත් පාලන 61 ක මැතිවරණ පැවැත්වීමේ අභියෝගාත්මක තීරණය ප්‍රකාශයට පත් කරන ලෙස ඒකාබද්ධ විපක්‍ෂය ඉල්ලා සිටිනවා.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1703105730384270463

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item