මහින්දගේ අලූත් පක්‍ෂයේ පළමු මාධ්‍ය නිවේදනය මෙන්න

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් සිය පළමු මාධය නිවේදනය මාධ්‍ය වෙත නිකුත් කර තිබේ. එම පක්‍ෂ මාධ්‍ය ප්‍ර කාශක සංජීව එදිරිමාන්න මහතාගේ අත...

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් සිය පළමු මාධය නිවේදනය මාධ්‍ය වෙත නිකුත් කර තිබේ.

එම පක්‍ෂ මාධ්‍ය ප්‍ර කාශක සංජීව එදිරිමාන්න මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

ආබාධිත රණවිරුවන්ගේ විශ‍්‍රාම වැටුප් අයිතිය දිනා ගැනීම

වසර 12 ක සේවා කාලය සම්පුර්ණ කර නොමැති ආබාධිත රණවිරුවන්ගේ විශ‍්‍රාම වැටුප් අයිතිය දිනා ගැනීම වෙනුවෙන් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ කොන්දේසි විරහිතව පෙනී සිටී. කුරිරු ත‍්‍රස්තවාදයෙන් මාතෘභූමියෙන් නිදහස් කර ගැනීම උදෙසා අතපය දෙනෙත් දන් දුන් මේ වීරෝදාර රණවිරුවන් මහ මග විරෝධතා ව්‍යාපාරයක් අරඹන තුරුම නිහඬව සිටියේ මන්දැයි අපි වර්තමාන ආණ්ඩුවෙන් ප‍්‍රශ්න කරන්නෙමු. ජීවිතයේ වටිනාම කාලය රට වෙනුවෙන් කැප කළ රණවිරුවන් මහ මගට ඇද දැමීම කෘතෙවීදී මිනිස් සමාජයකට කිසිසේත් අනුමත කල හැක්කක් නොෙවී. කෘතීම පාද, අත් වාරු බිම තබා, රෝද පුටු මත හිඳිමින්, රණවිරුවන් පසුගිය 31 වන දා කොළඹදී ආරමිභ කළ විරෝධතා ව්‍යාපාරය හද සසල කළ දසුනකි.

රට වෙනුවෙන් සිය ශරීරාංග යුධ බිමෙහි අතහැර දමා ආ රණවිරුවන්ටත් මේ ආණ්ඩුව සලකන්නේ මෙලෙස නම් අප ගැන කවර කථා දැයි ජනතාව මැසිවිලි නගමින් සිටී. ෙමී සිදුවීම වර්තමාන ආණ්ඩුෙවී රණවිරු දඩයම් ව්‍යාපෘතියේ තවත් එක් අවස්ථාවක් දැයි සැක මතුවීම සාධාරණය.

විශේෂිත අවශ්‍යතාවයන් සහිත පුරවැසියන්ට සුවිශේෂී වරප‍්‍රසාද ලබාදීම ලෝකයම පිළිගත් මූලික සිද්ධාන්තයකි. යමි රටක් විශේෂිත අවශ්‍යතාවයන් සහිත පුරවැසියන්ට සලකන ආකාරයයෙන් ඒ රටේ සමස්ත ස්වාභාවය ලොවටම ප‍්‍රදර්ශණය වන බව අමතක කළ යුතු නැත. මෙම රණවිරුවන් ආබාධිතයන් බවට පත් වූයේ සමස්ත ජාතියේම නිදහස වෙනුවෙන් බව ෙමි ආණ්ඩුවට යළි යළිත් සිහිපත් කිරීමට සිදුවීම කණගාටුවට කරුණකි.

ඔවුන් ඉදිරිපත් කරන්නේ ඉතාම මානුශීය සහ යුක්ති සහගත සාධාරණ ඉල්ලීමකි. මෙම විරෝධතාව දියත් කරන ආබාධිත රණවිරුවන්ට විශ‍්‍රාම වැටුප් අහිම වන්නේ වසර 12 ක සේවා කාලයක් සමිපුර්ණ නොකිරීෙමි පදනම මතයි. ඔවුන්ට වසර 12 ක සේවා කාලයක් සම්පුර්ණ කිරීමට නොහැකි වුයේ සේවා කාලය අතරතුර ආබාධිත තත්වයට පත්වීම හේතුවෙනි. දෑත් , දෙපා, දෙනෙත්, අහිමි මේ රණවිරුවන්ට 12 වසරක් සම්පුර්ණ වන්නට පෙර සේවයෙන් ඉවත් වීමට සිදුවන්නේ වෛද්‍ය නිර්දේශ මත මිස ඔවුන්ගේ පෞද්ගලික අභිමතය මත නොවෙයි. උපන් බිම වෙනුවෙන් මිනිසෙකුට කළ හැකි උපරිම යුතුකම ඉටුකළ ඔවුන් අද වයස අවුරුදු 55 සමිපුර්ණ වීමෙන් පසු මාසික වැටුපක් නොමැති විශ‍්‍රාමිකයින් පිරිසක් බවට පත්ව තිෙබී. දැනට ඔවුන්ට හිමි වන්නේ දුබලතා දීමනාවක් පමණි. එය ඉතා සොච්චම් මුදලකි. එම සොච්චම මෙම රණවිරුවන්ගේ ආබාධිත තත්වයටන්ට අදාල විශේ්ෂිත අවශ්‍යතාවන් සපුරා ගැනීමටවත් ප‍්‍රමාණවත් නැත. එය එසේ වෙද්දී එම මුදලින් අඹු දරුවන් රකින්නේ කෙසේ දැයි මේ අමානුෂික ආණ්ඩුව වහාම වටහා ගත යුතුය. අනික් අතින් මෙම රණවිරුවන් මියගියහොත් ඔවුන්ගේ අඹුදරුවන්ට කිසිදු දීමනාවක් හෝ වරප‍්‍රසාදයක් හිමි නොවීම අතිශයින්ම සංෙවීදී සංකීර්ණ ගැටළුවකි. ෙමී සියල්ලටම එකම විසදුම විශ‍්‍රාම වැටුප් අයිතියම පමණි.

මේ සංෙවීදී අරගලය තවම අවසන් නැත. මේ මොහොතේදීත් ඔවුන් දවසේ 24 පැය පුරා අව්වට වේලෙමින් වැස්සට තෙමෙමින් නිදි වර්ජිතව කොටුව දුම්රියපොල ඉදිරිපිට දුක් විඳිමින් සිටී. ආණ්ඩුව විසින් ස්වේච්ඡුාවෙන්ම සොයා බලා ඉටුකළ යුතු යුතුකමක් දුෂ්්කර අරගලයක් දියත් කිරීමෙන් පසුව වත් ඉටු නොකිරීමට තරමි වර්තමාන පාලකයින් සාහසික වූයේ කෙසේ දැයි වටහා ගැනීම අපහසුය.

ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණ ලෙස අපේ ඉල්ලීම වසර 12 ක සේවා කාලය සමිපුර්න කිරීමට නොහැකි වු රණවිරුවන්ට විශ‍්‍රාම වැටුප වහාම ලබාදෙන ලෙසයි. රෙටි සියළු කේෂත‍්‍රයන් පාරට ඇද දමා සමස්ත සමාජයම වීදි සටන් කරුවන් බවට පත්කල ආණ්ඩුවකින් ජනතා අයිතීන් ඉටුෙවී යැයි කල්පනා කිරීම ඉබ්බන්ගෙන් පිහාටු ඉල්ලීමක් වැනි යැයි යමෙකුට සිතිය හැක. නමුත් මේ විරෝධාර රණවරුවන් කෙරෙහිවත් සුවිශේෂී අවධානයක් යොමුකර ඔවුන්ට යුක්තිය ඉටුකරන ලෙස රට වෙනුවෙන් ඔවුන් හෙලූ රුධිරයේ නාමයෙන් අපි ඉල්ලා සිටින්නෙමු.

සංජීව එදිරිමාන්න
මාධ්‍ය ප‍්‍රකාශක
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1388468174148457154

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item