විවෘත කිරීමට පැමිණි මැති ඇමතිවරු හු සංග්‍රහයකින් එලවා දමයි - තව පිරිසක් පැමිණ විවෘත කරයි

මාවරමණ්ඩිය බහු කාර්ය මධ්‍යස්ථානය විවෘත කිරීමට ඊයේ දිනයේ ඇමති ෆයිසර් මුස්තාෆා විසින් විවෘත කිරීමට නියමිතව තිබුණද ඊට පෙර එම ස්ථානයට පැමිණි ...

මාවරමණ්ඩිය බහු කාර්ය මධ්‍යස්ථානය විවෘත කිරීමට ඊයේ දිනයේ ඇමති ෆයිසර් මුස්තාෆා විසින් විවෘත කිරීමට නියමිතව තිබුණද ඊට පෙර එම ස්ථානයට පැමිණි බියගම ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ආනන්ද ගනේගොඩ ඇතුළු හිටපු මන්ත‍්‍රීවරුන් පිරිසක් එම ගොඩනැගිල්ල විවෘත කර රැස්වීම් ශාලාවේ ජනහමුවක්ද පවත්වා එහි තිබු භෝජන සංග‍්‍රහයද භුක්ති වින්දහ.

හිටපු මන්ත‍්‍රිවරුන් පෙන්වා දුන්නේ එම ගොඩනැගිල්ල මහින් රාජපක්‍ෂ සමයේ ඉදි කරන ලද්දක් බවත් යහපාලනය යටතේ විවෘත විවෘත කිරීම ප‍්‍රමාද කරන ලද්දක් බවත්ය.

එම ස්ථානයට පැමිණි එජාපයේ මහර ආසන සංවිධායක පළාත් සභා මන්ත‍්‍රී යූ. ජෝර්ජ් පෙරේරා මහතාට එහි සිටි පිරිසගෙන් එල්ල වූයේ දැඩි විරෝධයකි. මන්ත‍්‍රීවරයා එම ස්ථානයෙන් ඉවත්ව යන තුරුම ජනතාව හූ කීහ.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3857239972432703396

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item