සිංහල ගමකට දෙමළ ගමකින් විරෝධයක් (PHOTOS)

මන්නාරම එක්සත් ධීවර සංගමයට අයත් ධීවරයින් ඊයේ (09) මුහුදු යාමෙන් වැළැකී මන්නාරම නගරයට එක්වී විරෝධතාවයක නිරත විය. ඔවුන් එලෙස විරෝධතාවය පළ...

මන්නාරම එක්සත් ධීවර සංගමයට අයත් ධීවරයින් ඊයේ (09) මුහුදු යාමෙන් වැළැකී මන්නාරම නගරයට එක්වී විරෝධතාවයක නිරත විය.

ඔවුන් එලෙස විරෝධතාවය පළ කළේ රජය විසින් මන්නාරමේ මුසලි පළාතේ සිංහල ධීවර ගම්මානයක් පිහිටුවීමට මූලික කටයුතු ආරම්භ කිරීමට එරෙහිවය.

දකුණේ සිංහල ධීවර පවුල් 180ක් මන්නාරමට ගෙනවිත් ඔවුන් මුසලි පළාතේ පදිංචි කොට නව සිංහල ධීවර ගම්මානයක් පිහිටුවීමට කටයුතු යොදා අැති අතර ඊට අදාළව එහි ඉඩම් මැණීමේ කටයුතු ඊයේ දිනයේ සිදු කිරීමට නියමිතව තිබුණි.

මන්නාරමේ ධීවර සමිති නායකයින් ප්‍රකාශ කළේ අතීතයේ කිසිම දිනක මන්නාරමේ සිංහල ධීවර ජනාවාස නොතිබුණු බවයි.

යුද්ධයෙන් පීඩාවට පත් මන්නාරම දිස්ත්‍රික්කයේ ධීවරයින්ට රජයෙන් මෙතෙක් සහන සලසා නොතිබියදී නව සිංහල ධීවර ජනාවාසයකට අධික මුදලක් වියදම් කිරීමට රජය සූදානම් වීම දැඩි අසාධාරණයක් බවද ඔවුන් කියාසිටියේය.

කෙසේවෙතත් ධීවරයින්ගේ මෙම විරෝධය මත ඉඩම් මැණීමේ කටයුතු තාවකාලිකව නතර කොට දැමීමට බලධාරීන් කටයුතු කර තිබේ.

මේ සම්බන්ධයෙන් ධීවර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගෙන් විමසූ විට ඔහු කියාසිටියේ අමාත්‍යංශ මට්ටමින් මන්නාරමේ සිංහල ධීවර ජනාවාසයක් පිහිටුවීමට තීරණය කොට නොමැති බවයි.

විරෝධතාකරුවන් ඊට පෙර මෙවැනි කරුණක් එම පළාතේ සිදුවන බවට අමාත්‍යංශයට දැනුම්දීමක් හෝ කර නොමැති බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියාසිටියේ සිංහල ධීවරයින් ඉන් පෙර ජීවත් නොවූ ස්ථානයක පදිංචි කොට යළිත් වරක් අනවශ්‍යය ප්‍රශ්නයක් ඇති කිරීමට අවශ්‍යතාවක් නොමැති බවයි.

ඡායාරූප පහතින්







දිනසේන රතුගමගේ

ඡායාරූප - රොමේෂ් මදුෂංඛ



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7422922694239348997

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item