මන්නාරම අක්‌. 600 ක්‌ අල්ලා ගත්තැයි රිෂාඩ්ගේ සොහොයුරා ගැන විමර්ශන

මන්නාරම ප්‍රදේශයේ අක්‌කර 600 ක ඉඩම් බලහත්කාරයෙන් අල්ලා ගත් බව කියන සිද්ධියක්‌ සම්බන්ධයෙන් ඇමැති රිෂාඩ් බදියුදීන් මහතාගේ සොහොයුරාට එරෙහිව ...

මන්නාරම ප්‍රදේශයේ අක්‌කර 600 ක ඉඩම් බලහත්කාරයෙන් අල්ලා ගත් බව කියන සිද්ධියක්‌ සම්බන්ධයෙන් ඇමැති රිෂාඩ් බදියුදීන් මහතාගේ සොහොයුරාට එරෙහිව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව (සී. අයි. ඩී.) පුළුල් විමර්ශනයක්‌ ආරම්භ කර ඇත.

මෙම ඉඩම් අල්ලා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඇමැති සොයුරාගෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව 24 වැනිදා ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.
මන්නාරම ප්‍රදේශයේ පදිංචිකරුවන්ට අයත් ඉඩම් අක්‌කර 600 ක්‌ මුදල් ලබාදෙන පොරොන්දුව මත ලබාගෙන ඇතත් මේ වනතුරු ඇමැති සොහොයුරා විසින් මුදල් ගෙවා නොමැති බව පරීක්‍ෂණවලින් හෙළි වී ඇත.

මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට ලැබුණු පැමිණිල්ලක්‌ මත විමර්ශන ආරම්භ කර ඇති අතර මෙම ඉඩම් අල්ලා ගැනීමේ සිද්ධියට සම්බන්ධ තවත් කීපදෙනකුගෙන් ද ඉදිරියේදී ප්‍රශ්න කිරීමට නියමිතය.

මෙම සිද්ධිය සම්බන්ධ ඇමැති සොයුරා හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු වන අතර මන්නාරම අධිකරණයට පහර දීමේ සිද්ධිය සහ විල්පත්තුව වනාන්තරයේ ඉඩම් අල්ලා ගැනීමේ සිද්ධීන් සම්බන්ධයෙන් ද චෝදනා එල්ල වූ පුද්ගලයෙකි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2556959222617694057

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item