හිරුණිකාගේ රෝග විනිශ්චයට සොහොයුරියගෙන් දිලිනි ගෙන් පිළිතුරක්

අධිකරණ අමාත්‍යංශ වැය ශීර්ෂය සම්බන්ධ විවාදය අතරතුර පාර්ලිමේන්තුව හමුවේ වැඩිදුරටත් අදහස් මන්ත්‍රීවරිය කියා සිටියේ දූෂණ චෝදනා සම්බන්ධයෙන් හෝ ව...

අධිකරණ අමාත්‍යංශ වැය ශීර්ෂය සම්බන්ධ විවාදය අතරතුර පාර්ලිමේන්තුව හමුවේ වැඩිදුරටත් අදහස් මන්ත්‍රීවරිය කියා සිටියේ දූෂණ චෝදනා සම්බන්ධයෙන් හෝ වරදකරුවන් වී බන්ධනාගාරගත කෙරෙන සියලුම දේශපාලනඥයන් බන්ධනාගාර රෝහලේ ඇඳන් මත සුවසේ පසුවන බවය.

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයේ වරදකරුවකු වී මරණ දඬුවමට යටත් කොට සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාගේ සෞඛ්‍ය තත්වය සම්බන්ධයෙන් ලබා දී ඇති රෝග විනිශ්චයන් නිවැරදි නොවන බවටත් ඇය චෝදනා කළාය.

"අර වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිට ගහලා තියෙනවා සියලුම සිරකරුවන් මනුෂ්‍යයෝය කියලා. ඒක මකලා සියලු සල්ලි තියෙන සිරකරුවෝ මනුෂ්‍යයෝය කියලා ගහ ගන්න" පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පැවසීය.

මේ අතර හිසට වෙඩි වැදීම හේතුවෙන් සැත්කම් කීපයකට භාජනය කෙරුණු සිය සහෝදරයාගේ සෞඛ්‍ය තත්වය සම්බන්ධයෙන් ලබා දී ඇති වෛද්‍ය වාර්තා, අවශ්‍ය ඕනෑම පුද්ගලයකුට පරික්ෂා කොට බැලිය හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාගේ සොහොයුරිය දිලිනි සිල්වා සිය ෆේස්බුක් පිටුවේ සටහනක් යොදමින් දක්වා තිබේ.

එහි වැඩිදුරටත් මෙසේ දැක්වේ.

දේශසහගත විහිළුව

"දුමින්ද සිල්වා කියන්නේ ඔලුවට මාරාන්තික වෙඩි දෙකක් වැදුනු පුද්ගලයෙක්.

ඒ හේතුවෙන් ජීවිතයත් මරණයත් අතර දැඩි සටනක නිරතවුණ ඔහුගේ ජීවිතය බේරා ගැනීමේ පළමු සැත්කම සිදුකළේ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේදීයි.

එහිදී ඔහුගේ හිස්කබලෙන් අඩක්ම ඉවත් කිරීමට සිදුවුණා.

ඒ සම්බන්ධ සියළු වෛද්‍ය වාර්තා ඉතා සුරක්ෂිතව එම රෝහලේ තිබෙනවා.ඕනෑම කෙනෙකුට ඒවා පරික්ෂා කරන්න පුළුවන්.

ඔහුගේ මාරාන්තික තුවාල සඳහා දැවැනි හා තෙවැනි සැත්කම් කළේ සිංගප්පූරුවේ මවුන්ට් එළිසබෙත් රෝහලේදියි. ඒ සම්බන්ධ වෛද්‍ය වාර්තාත් එහි තිබෙනවා."

මේ අතර ඇය මාධ්‍යට අදහස් දක්වමින් පවසා ඇත්තේ කිසිවකු දුමින්දට අසනීපයක් නොමැති බවට පවසන්නේ නම් සැබවින්ම එය ඉතා දේශසහගතව කරන විහිළුවක් බවයි.

අදාළ ෆේස්බුක් සටහන පහත දැක්වේ.


එසේම ඊයේ (06) පැවැති බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, අමාත්‍යංශයේ 2017 වැය ශීර්ෂයට අදාල විවාදයට එක්වූ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා කියා සිටියේ රෝගියකුට රෝගියෙක් ලෙස සැලැකීම බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ වගකීමක් බවයි.

දුමින්ද, බන්ධනාගාර රෝහලේ සිටින්නේ ඔහු රෝගියකු නිසා යැයිද ජයන්ත සමරවීර මහතා එහිදී කීය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6624237634959332268

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item