ශ්‍රී ලංකාවට කලාපීය සහයෝගීතාව වැදගත්

ශ්‍රී ලංකාවේ අනාගත ආර්ථික වර්ධනය කලාපයේ කිසිඳු රටකට තර්ජනයක් නොව අනුපූරණයක් පමණක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ...



ශ්‍රී ලංකාවේ අනාගත ආර්ථික වර්ධනය කලාපයේ කිසිඳු රටකට තර්ජනයක් නොව අනුපූරණයක් පමණක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ උපායමාර්ගික වශයෙන් ඉන්දීය සාගරයේ ඉතා වැදගත් ස්ථානයක පිහිටා ඇති ශ්‍රී ලංකාව වැනි කුඩා රටක ආර්ථිකය නගා සිටුවීමේදී කලාපීය සහයෝගීතාව වැදගත් වන බවයි.

“ද ඉකොනොමිස්ට්“ සගරාව සංවිධානය කළ “2017 වසරේදී ලෝකය“ නම් වූ විශේෂ සම්මන්ත්‍රණයේ මුඛ්‍ය සාකච්ඡාවට සහභාගීවෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව ප්‍රකාශ කර තිබේ.

සම්මන්ත්‍රණය හොංකොං හිදී පැවැත් වුණි.

ද ඉකොනොමිස්ට් සගරාවේ විධායක සංස්කාරක ඩැනියල් ෆ්‍රෑන්ක්ලින් මහතා විසින් මෙහෙය වූ මුඛ්‍ය සාකච්ඡාවේදී අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාව සතු වඩාත් වැදගත්ම ශක්තිය වන භූගෝලීය පිහිටීම සහ මිනිස් සම්පතෙන් උපරිම ප්‍රයෝජන ලබාගැනීම සඳහා සැලසුම් සකස් කරමින් පවතින බවයි.

දේශයේ ප්‍රගමනය සඳහා අවශ්‍ය දේශපාලන හා පරිපාලන ප්‍රතිසංස්කරණ සිදු කරමින් පවතින බව ද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

2020 වන විට රටේ ශ්‍රම බලකාය තුළ කාන්තා සහභාගීත්වය සියයට 40 දක්වා ඉහළ නැංවීමට ද ප්‍රාදේශීය සහ පළාත් සභා තුළ කාන්තා නියෝජනය සියයට 25 දක්වා ඉහළ දැමීමට ද පියවර ගෙන ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර තිබේ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8851197422661073128

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item