අපට ඕන වුනේ මහින්ද එලවන්න විතරයි.දැන් ලංකාව අරාජිකත්වයට යනවා – වික්ටර් අයිවන්

‘මේ ආණ්ඩුව බලයට පත් කරන්න කටයුතු කරපු කණ්ඩායම් අතර පොදු එකඟතාවයක් වැඩපිළිවෙළක් තිබුණේ මහින්ද රාජපක්ෂ පරාජය කිරීම සම්බන්ධයෙන් විතරයි. ඊට එ...

‘මේ ආණ්ඩුව බලයට පත් කරන්න කටයුතු කරපු කණ්ඩායම් අතර පොදු එකඟතාවයක් වැඩපිළිවෙළක් තිබුණේ මහින්ද රාජපක්ෂ පරාජය කිරීම සම්බන්ධයෙන් විතරයි. ඊට එහා ගිය දර්ශනයක් සඳහා වන එකඟතාවයක් එයාල අතරේ තිබුණේ නැහ. ඒ වගේම ඒ ගොල්ලන් බලයට එන්න පෙර මේ අර්බුදයට මුහුණ දීම සඳහා සූදානම් වූ පිරිසකුත් නොවෙයි.

රට වෙනස් කරන ලොකු ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියකදි පලමුවෙන්ම කල යුත්තේ සොයා බලන එකනේ. ඊට පස්සේයි වැඩසටහනට යන්නේ, නමුත් එහෙම දෙයක් වුනේ නැහ. ඒක ආණ්ඩුවේ කැපී පෙනෙන දුර්වලතාවයක්. දෙවෙනි දුර්වලතාවය තමයි ඉදිරි ගමනක් සඳහා එකඟතාවය නොතිබීම. ඒ සඳහා අධිෂ්ඨානයක් තිබුණේත් නැහ. ආණ්ඩු කරන්න මේ පක්ෂ දෙක එකට එක් වුනාට දෙගොල්ලන් අතරේ කබ ඇදිලි තියෙනවා නම් පොදු වැඩපිළිවෙළක් නැත්නම් ඒ තත්ත්වය රටට හොඳ නැ’ යයි අද ඉරිදා ලංකාදීපය සමඟ කරන ලද සම්මුඛ සාකච්ඡාවකදි හිටපු රාවය ප්‍රධාන කතෘ වික්ටර් අයිවන් පවසා ඇත.

1978 දි ජේ ආර් ජයවර්ධන ගෙනාපු ව්‍යයවස්ථාවට, ව්‍යයවස්ථා විශාරදයෝ තුන් දෙනෙක් සහභාගි වුණා, මාක් ප්‍රනාන්දු කුරේත් ඊට සම්බන්ධ වුනා, තව අවස්ථාවක ඒ ජේ විල්සනුත් සම්බන්ධ වුනා. නමුත් දැන් හැදෙන ව්‍යයවස්ථාවේ එහෙම තත්ත්වයක් නැහ. නමුත් අපේ රටේ හොඳ ව්‍යයවස්ථා විශාරදයෝ ඉන්නවා එහෙත් බොහොම පුංචි පිරිසක් මේ බව කරනවා පේනවා. ව්‍යයවස්ථා ඇතුලත් යුතු දේවල් ගැන මහ ජනතාව සමඟ සංවාදයකට යා යුතුය. නමුත් ලංකාවේ එහෙම දෙයක් පෙනෙන්නට නැහ. ඒ අනුව මේ ව්‍යයවස්ථාත් අවුරුදු දහයකින් විතර වෙනස් කරන්න වෙයි. ඒත් ඇමරිකාවේ ව්‍යයවස්ථා අවුරුදු 200ක් පරණයි. ඒත් තවම ඒක ඇමරිකානුවන්ට එපා වෙලා නැතියි ද ඔහු ප්‍රකාශ කර ඇත.

සිවිල් සංවිධානය මෛත්‍රී බලයට ගෙන ඒමට කටයුතු කිරීම සම්බන්ධයෙන් අසන ලද පැනයට පිලිතුරු දෙමින් වික්ටර් අයිවන් පැවසුවේ, මහජනයා මෛත්‍රී බලයට ගෙන ඒමට යම් වැඩ කොටසක් කලා. සිවිල් ව්‍යයාපාර ලොකු අවබෝධයකින් ක්‍රියා කලා කියලා ඔහු හිතන්නේ නැති බවයි. ඒකට හේතු වශයෙන් ඔහු දක්වා සිටියේ එගොල්ලන් පුද්ගලයෝ හැටියට ආණ්ඩුවට උපදෙස් දෙනවා. නැත්නම් අදහස් පල කරනවා. නමුත් ඒවා ජනතාව එකට ගැට ගැසු ව්‍යාපාර නෙවෙයිනේ. ඒවා පුද්ගලයෝ කේන්ද්‍ර කර ගත් ව්‍යපාර බවයි.

මේ ගෙවුන අවුරුදු දෙක දිහා ආණ්ඩුව හැරිලා බලන්න ඕන. එතකොට ආණ්ඩුවට පෙනෙයි සමහර ප්‍රශ්න දිහා මොනතරම් මෝඩ විදිහටද ආණ්ඩුව බලලා තියෙන්නේ කියලා,මේක ඇත්තටම රටකට ඛෙදජනක තත්ත්වයක්. පලාත් පාලන මැතිවරණයකට යන්න බැරි ආණ්ඩුවක් කොහොමද අලුත් ව්‍යවස්ථාවක් අරගෙන් ජනමත විචාරනයකට යන්නෙ යයි ද ශ්‍රීලනිප අර්බුදයක් තියෙනවා ආණ්ඩුවට විරුද්ධව ඔහුන් පිරිසකුත් ඉන්නවා ඒ ගොල්ලන්ට විරුද්ධව මොනවා කිව්වත් ඒ අය විපක්ෂය විදියට සලකන්න ඕනැ යයි ද වික්ටර් අයිවන් තව දුරටත් පැවසීය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1334187956000825466

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item