පොලිස්‌පති අද පාර්ලිමේන්තුවට කැඳවයි

දෙවිනුවර දේවාලයේ බස්නායක නිලමේවරයා අත්අඩංගුවට නොගන්නා බවට ‍පොලිස්පතිවරයා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ඔහු හෙට (05 දා) පාර්ලිමේන්තුවට කැඳවා කරු...

දෙවිනුවර දේවාලයේ බස්නායක නිලමේවරයා අත්අඩංගුවට නොගන්නා බවට ‍පොලිස්පතිවරයා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ඔහු හෙට (05 දා) පාර්ලිමේන්තුවට කැඳවා කරුණු විමසීමට අවස්ථාව ලබා දෙන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (03) ප්‍රකාශ කළේය.

එම අවස්ථාවට ‍පොලීසිය භාර ඇමැතිවරයාද කැඳවන බැවින් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර දිසානායක ට ද පැමිණ කරුණු විමසිය හැකි බවද අගමැතිවරයා කීවේය. ‍පොලිස්පතිවරයා දුරකථන ඇමතුමකට පිළිතුරු දුන්නා මිස ඔහුට එරෙහිව චෝදනාවක් නැතැයිද අගමැතිවරයා ප්‍රකාශ කළේය.

‍පොලිස්පතිවරයා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක හා ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන යන මහත්වරුන් කළ ප්‍රශ්න කිරීම්වලට පිළිතුරු දෙමින් අගමැතිවරයා මේ බව ප්‍රකාශ කළේය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5176952941819247888

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item