නවසීලන්ත අගමැති හදිසියේ ඉල්ලා අස්වෙයි

අද දිනයේ ලෝක දේශපාලනයේ තවත් අනපේක්ෂිත කඩඉමක් සටහන් කරමින් නවසීලන්ත අග්‍රාමාත්‍ය ජෝන් කී ඉල්ලා අස්විය. ඔහුගේ ආධාරකරුවන් මෙන්ම විපක්ෂය පවා ...

අද දිනයේ ලෝක දේශපාලනයේ තවත් අනපේක්ෂිත කඩඉමක් සටහන් කරමින් නවසීලන්ත අග්‍රාමාත්‍ය ජෝන් කී ඉල්ලා අස්විය. ඔහුගේ ආධාරකරුවන් මෙන්ම විපක්ෂය පවා අග්‍රාමාත්‍යවරයාගේ මෙම හදිසි ඉල්ලා අස්වීම නිසා පුදුමයට පත්වී සිටින බව කියැවේ. 

අට වසරකට වඩා වැඩි කාලයක් බලයේ රැඳී සිටි ජෝන් කී පැවසුවේ තමන් මේ තීරණය ගන්නේ තම පවුල වෙනුවෙන් කැපවීමට බවයි. 2006 වසරේ පටන් ඔහු පාලක ජාතික පක්ෂයේ නායකයා වශයෙන් ද කටයුතු කළේය. “ඉහළම තලයේ දස වසරක් කියන්නෙ දීර්ඝ කාලයක්.” යැයි සිය ඉල්ලා අස්වීම ප්‍රකාශ කරමින් වෙලින්ටන් නුවරදී ජෝන් කී මාධ්‍යවේදීන් සමග පැවසීය. “බොහෝ නායකයන් පමණටත් වඩා වැඩි කාලයක් ඉහළ ධුරයන් හි රැඳී සිටිනවා”.

තුන් වතාවක් අග්‍රාමාත්‍යවරයා වශයෙන් ඡන්දයෙන් තේරී පත්වූ ජෝන් කී පවසා තිබෙන්නේ තමන් සිය වෘත්තිය වෙනුවෙන් හැකි උපරිමය ලබාදුන් බවයි. “මගේ පවුලට ඒ වෙනුවෙන් බොහෝ දේවල් කැප කරන්නට සිදුවුණා. මම මේ තීරණය ගන්නේ ඔවුන් වෙනුවෙන්” යැයි ද ඔහු කියා තිබේ. 2017 වසරේ පැවැත්වීමට නියමිත මහමැතිවරණයේ පීඩනය තවදුරටත් සිය පවුල වෙත ලබාදීමට තමන් සූදානම් නැතැයි ද ඔහු කියා තිබේ. 

දෙසැම්බර් 12 වැනිදා නව නායකයෙක් පත්කර ගැනීම සඳහා ජාතික පක්ෂය විශේෂ දේශපාලන බල මණ්ඩල රැස්වීමක් පැවැත්වීමට නියමිත ය. 2017 මහමැතිවරණයෙන් ජය ගන්නේ කවුරුන් වුවද ඔහු වෙත සිය සහයෝගය ලබාදෙන බවත් ජෝන් කී පවසා සිටියේය. කෙසේ නමුත් දේශපාලන විචාරකයන් පවසන්නේ රට තුළ පවතින දේශපාලන වාතාවරණය අනුව නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ මුදල් ඇමති බිල් ඉංග්ලිෂ් මහතා මීළඟ අගමැතිවරයා වශයෙන් තේරී පත්වීමට බොහෝ දුරට ඉඩකඩ ඇති බවයි. 

ලෝකයේ අල්ලස අඩුම රටක් වශයෙන් සැලකෙන නවසීලන්තය, සැපදායක ලෙස ජීවත් විය හැකි හොඳම රටක් වශයෙන් ද අවිවාදයෙන් සැලකේ.

LNW



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

විදෙස් 6312248421606579468

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item