තිස්ස අත්තනායක හිර කරන්න යහපාලනය නීතිය නැමූ හැටි මෙන්න

දේශපාලන සිරකරුවෙකු ලෙස සිරගත කර සිටින තිස්ස අත්තනායකගේ සුවදුක් විමසීම සදහා අද දින පැමිණි උදය ගම්මන්පිල විසින් තිස්ස අත්තනායක සිර කිරීම සඳ...

දේශපාලන සිරකරුවෙකු ලෙස සිරගත කර සිටින තිස්ස අත්තනායකගේ සුවදුක් විමසීම සදහා අද දින පැමිණි උදය ගම්මන්පිල විසින් තිස්ස අත්තනායක සිර කිරීම සඳහා යහපාලන ආණ්ඩුව නීතිය නවා ඇති අකාරය ගැන ඉතා සරලව මෙසේ අදහස් දක්වා සිටියේය.

තිස්ස අත්තනායක මහතා තමයි අන්තර්ජාතික දේශපාලන සහ සිවිල් අයිතිවාසිකම් ප්‍රඥප්ති පනත යටතේ අත්අඩංගුවට අරගෙන සිරගත කරගෙන සිටින පළමු සිරකරුවා. මෙතුමා අත්අඩංගුවට ගත්තේ කූටලේඛන සැකසුවා කියලා. නමුත් ඒ චෝදනාවට දිර්ඝ කාලීනව ඇප නොදී සිරගත කරන් ඉන්න බැරි නිසා තමයි ජාතිවාදය ඇවිස්සුවා කියන චෝදනාව යටතේ එතුමාව රක්ෂිත බන්ධනාගාර ගත කරලා තියෙන්නේ. මේ චෝදනාව ගෙන්නේම ඇප දීමට ඇති හැකියාව නැතිකිරිමේ දේශසහගත පදනමින්. එතුමා කරපු වරද තමයි ඡන්දයට කලින් මේ රටට වෙන්න යන විනාශය ජනතාවට පෙන්වා දීම. එතුමා ඉදිරිපත් කල ලියවිල්ලේ සෑම වගන්තියක්ම මහ පොළොවේ ඇත්තක් වෙලා තිබිය දී ඇත්ත හෙලි කිරීමේ වරදට තමයි එතුමාව අද අත්අඩංගුවට අරගෙන තියෙන්නේ. 

ඒ නිසා මේ වගේ නීතිය නවන පොලිස්පතිතුමෙකුයි, නීතියෙන් කොත්තු දාන නීතිපතිතුමයි තව දුරටත් මේ තනතුරු වල තියා ගෙන සිටිය හොත් ලංකාවේ සියළුම පාසල් වහලාදාලා මේ පාසල් සියල්ලම සිරගෙවල් බවට පත් කරන්න වෙනවා. මොකද අද ඉන්නේ ආණ්ඩුවට එරෙහිව දේශපාලනය කිරීම වරදක් කරලා ඒ අයගෙන් සිර ගෙවල් පිරවීමක් සිද්ධ වෙන්නේ. මේ සිර ගෙවල් පිරිවීමෙන් අපේ ගමන නවත්වන්න බෑ කියන පණිවිඩය අපි ආණ්ඩුවට කියන්න කැමතියි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5321142735818163577

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item