මේ ආණ්ඩුව කළේ කහ ඉරි සුදු කිරීමයි පළිගැනීමයි විතරයි

වර්තමානයේ රට තුළ විකිණීමට ඉතිරිවී ඇත්තේ පොලීසිය හා බන්ධනාගාරය පමණක් බව පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි පවසයි. උන්වහන්සේ මේ බව කියා ස...

වර්තමානයේ රට තුළ විකිණීමට ඉතිරිවී ඇත්තේ පොලීසිය හා බන්ධනාගාරය පමණක් බව පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි පවසයි.

උන්වහන්සේ මේ බව කියා සිටියේ අද(29) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

රට ගමන් කරන දිශාව බලා තමන් ප්‍රමුඛ පිරිස් නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නේ නම් එය රටට හා ජනතාවට සිදු කරන බලවත් අසාධාරණයක් බව උන්වහන්සේ කියා සිටියේය.

ආණ්ඩු කිරීමට නුසුදුසු පිරිසක් පාර්ලිමේන්තුවට රිංගා දිනෙන් දින රට ආගාධයට ඇද දැමීමට උත්සහ කළද රට විකුණා දැමීම සිතන තරම් ලේසි නොවන බව උන්වහන්සේ ප්‍රකාශ කර තිබේ.

ජනතාවට අසාධාරණයක් වන ආකාරයෙන් ආණ්ඩුව හැංගි හැංගි සිදු කරන්නා වූ කූට උපක්‍රමයන්ට විරෝධය පළ කරමින් ඉදිරියේ ක්‍රියාමාර්ගයන් ගන්නා බවද මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි පවසයි.

එමෙන්ම ආණ්ඩුවට කඩේ යන සමන් රත්නප්‍රියටද මෙම ගමන හා එක්වෙන ලෙස ආරාධනා කර සිටින බවත් උන්වහන්සේ කියා සිටියේය.

මේ ආණ්ඩුව විසින් සිදු කළේ කහ ඉරි සුදු කිරීමත් - පළිගැනීමත් පමණක් බව පැවසූ උන්වහන්සේ වැඩිදුරටත් කියා සිටියේ මෛත්‍රී - රනිල් සිදු කරන්නා වූ මේ නාඩගම නැවැත්විය යුතු බවයි.

රට විකුණන ආණ්ඩුව විසන් ගෙන ඒමට නියමිත ෆෙඩරල් ව්‍යවස්ථාවට විරෝධය පාමින් හෙදියන් 10,000ක පිරිසක් ඉදිරියේදී පාර්ලිමේන්තුව ඉදිරිපිටට ගෙන එන බවද උන්වහන්සේ කියා සිටියේය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6811336697273524424

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item