ගුවන් සේවා අධිකාරියේ බෝනස් හිතවතුන්ට පමණි

ලංකාවේ ගුවන් සේවා කටයුතු නියාමනය කරන ආයතනය වන සිවිල් ගුවන් සේවා අධිකාරිය දිගින් දිගටම ලාභ ලබන ආයතනයක් වුවද එහි සේවකයිනට ඒවායේ ප්‍රතිලාභ ල...

ලංකාවේ ගුවන් සේවා කටයුතු නියාමනය කරන ආයතනය වන සිවිල් ගුවන් සේවා අධිකාරිය දිගින් දිගටම ලාභ ලබන ආයතනයක් වුවද එහි සේවකයිනට ඒවායේ ප්‍රතිලාභ ලබාදීම එහි අධ්‍යක්ෂ ජෙනරාල් එච්. එම්. සි. නිමල්සිරි විසින් හිතා මතා මග හරිමින් සිටින බව එම ආයතනයේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

මේ සම්බන්ධයෙන් සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල් වරයාගෙන් ශ්‍රී ලංකා මිරර් කළ විමසීමකදී ඒ මහතා කියා සිටියේ ප්‍රතිලාභ ලබා දීම කළ හැක්කේ මහාභාණ්ඩාගාරයෙන් චක්‍රලේකයක් ලැබුණ විට පමණක් බවයි. එම චක්‍රලේඛන ලැබෙනවා නම් ප්‍රතිලාභ ලබා දිය හැකි බව හෙතෙම කියා සිටියේය.

තම හිතවතුනට අමතර ආදායම් ‍ලබා දෙමින් තාක්ෂණික දීමනා ලෙස රු.40,000 සිට රු.500,000 දක්වා මුදලක් ලබාදෙන බවට වන ආරංචිමාර්ග පිළිබද විමසූවිට ඒ මහතා කියා සිටියේ එවැනි කිසිම කටයුත්තක් සිදුවී නොමැති බවයි. තාක්ෂණික දීමනා ලබා දීම සිදු කරන්නේද තමාගේ හිතුමනාපයට නොවන බවත් එය සිදුව ඇත්තේ අදාල චක්‍රලේඛ වලට අනුව බවත් කියා සිටියේය.

2013 වසරට සාපේක්ෂව 2015 වසරේ ගුවන් සේවා අධිකාරිය 67% ක වාර්තාගත ශුද්ධ ලාභයක් ලබාඇති අතර එනම් වාර්ෂික ආදායම රුපියල් මිලියන 1,579ක් වන අතර ශුද්ධ ලාභය රුපියල් මිලියන 871කි.

විශ්‍රාම වැටුපක් අහිමි රාජ්‍ය ආයතනයක් වන සිවිල් ගුවන් සේවා අධිකාරියේ 150කට වැඩි සේවකයින් පිරිසක් සිටින අතර ඔවුනට ප්‍රසාද දීමනාව හෝ වැඩි කිරීමද ලැබී නොමැත.

2016 වසරේ බෝනස් සම්බන්ධයෙන්ද මේ දක්වා කිසිදු සැලකිල්ලක් නොදක්වන අධ්‍යක්ෂ ජෙනරාල්වරයා, අධිකාරී සභාපති ආනන්ද විමලසේන මහතාගේ වචනකයට හෝ ඇහුම්කන් නොදෙන බවද එහි සේවකයෝ පවසති.

මේ සම්බන්ධයෙන් අප අධිකාරී සභාපති ආනන්ද විමලසේන මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා කියා සිටියේ දීමනා ලබා දීම සම්බන්ධයෙන් කිසිදු අකටයුත්තක් සිදුවී නැති බවත් අදාළ චක්‍රලේඛන ලැබේ නම් ඒ අනුව දීමනා ගෙවිය හැකි බවත්ය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7231441209060480014

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item