හිරුනිකාගේ විශේෂඥ දැනුමට අභියෝගයක් නැහැ

වෛරයෙන් මත් වී, බන්ධනාගාරගතවූවන් පිළිබඳව පාර්ලිමේන්තුවේ සිදුකරණ ප්‍රකාශ අසත්‍ය බව ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් පව...

වෛරයෙන් මත් වී, බන්ධනාගාරගතවූවන් පිළිබඳව පාර්ලිමේන්තුවේ සිදුකරණ ප්‍රකාශ අසත්‍ය බව ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් පවසයි.

බන්ධනාගාර ගතවූවන්ගේ පෞද්ගලික තොරතුරු පාර්ලිමේන්තුවේදී හෙළි කිරීම සම්බන්ධයෙන් ඊයේ (15) පැවති පුවත් සාකච්ඡාවකදී අදහස් පළ කළ මොහොමඩ් මුසම්මිල් එහිදී වැඩිදුරටත් මෙසේද පැවසිය.

‘‘පළවෙනි දේ මම දින 51 ක් මැගසින් බන්ධනාගාරයේ හිටියා. හැබැයි හිරුණිකා මන්ත්‍රීතුමියගේ එක් ප්‍රකාශයක් පිළිබඳ මං අභියෝග කරන්න යන්නේ නෑ. මොකද එතුමිය වෘෂණ කෝෂ පිළිබඳව ප්‍රකාශ කළා. ඒ පිළිබඳව එතුමියට හසල දැනුමක් තියෙනවා. ඒ ගැන මං අභියෝගයට ලක් කරන්න යන්නේ නෑ. මොකද මං අහලා තියෙන කතන්දරවල හැටියට, ඒ විශේෂඥ දැනුම පිළිබඳ මං අභියෝග කරන්නේ නෑ.

හැබැයි මැගසින් ගැන කියපුවා නම් වැරදියි. මම දවස් 51 ක්ම හිටියා. ඒ දවස් 51 ම ඔය කූඩුව අස්සේ හිටියේ. ඔය කියන කිසිදු සැප කාමරයක් නෑ. මකුණෝ, කැරපොත්තෝ, මීයොත් එක්ක තමයි අපි ජීවත් වුණේ. ඒ නිසා මේ හිරුණිකා මන්ත්‍රීතුමිය නොමඟ යවන සුළු ප්‍රකාශයක් පාර්ලිමේන්තුවේදී කරලා තියෙන්නේ.

අනිත් කාරණය තමයි ඒ වෛද්‍යවරයාගේ තියෙන පරම වගකීම තමයි ඔහු සිරකරුවෙක්ද, සැකකරුවෙක්ද, සාමාන්‍ය මිනිහෙක්ද, වැරදිකරුවෙක්ද, නිදොස් කෙනෙක්ද වෛද්‍යවරයාට අදාළ නෑ. මිනිහෙක් නම්, ඔහු රෝගීයෙක් නම් ඔහුට ප්‍රතිකාර කිරීම වෛද්‍යවරයා සතු පරම වගකීමක්.

ඒ නිසා අපි දකින විදියට බන්ධනාගාරගතවන අය විවිධ රෝගවලින් පෙලෙනවා. එතකොට එතන තියෙන පරිසරයත් එක්ක දූවිලි, මැසි මදුරුවන්, කැරපොත්තන් මේ ආදී පරිසරයත් එක්ක සමහර පුද්ගලයන්ගේ රෝගී තත්ත්වයන් උද්ගත වෙනවා, උත්සන්න වෙනවා. එතකොට ඒ උත්සන්න වෙන තත්ත්වයක් තුළ අනිවාර්යයෙන්ම වෛද්‍යවරු බැඳී සිටිනවා ඒවාට ප්‍රතිකාර කිරීම සඳහා.

වෛරයෙන් කොයි තරම් මත්වෙලාද කියලා තමයි හිරුණිකා මන්ත්‍රීතුමියගෙන් පෙන්නේ. ඒ නිසා මේ වෛරී හවුලේ මානසික තත්ත්වය තේරුම් ගන්න පුළුවන් හොඳම කතාවක් තමයි හිරුණිකා මන්ත්‍රීතුමිය පාර්ලිමේන්තුවේදී කළේ.’’



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7057393566072314731

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item