නාවික හමුදාපතිට විරෝධය පා මාධ්‍යවේදීහු අද කොළඹ එති

මාගම්පුර වරායේ සේවකයින් හා නාවික හමුදාව අතර ඇතිවූ උණුසුම්කාරී වාතාවරණය වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදියකුට නාවික හමුදාපති පහරදීම සම්බන්ධයෙන්...

මාගම්පුර වරායේ සේවකයින් හා නාවික හමුදාව අතර ඇතිවූ උණුසුම්කාරී වාතාවරණය වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදියකුට නාවික හමුදාපති පහරදීම සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් දිවයින පුරා සිටින මාධ්‍යවේදීහු අද (15) කොළඹ කොටුව ඉදිරිපිට උද්ඝෝෂණයකට සැරසෙති.

මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය, වෘත්තීය පත්‍ර කලාවේදීන්ගේ සංගමය, ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය, දෙමළ මාධ්‍යවේදීන්ගේ සංගමය, ශ්‍රී ලංකා ජනමාධ්‍ය ඡායාරූප ශිල්පීන්ගේ සංගමය ඇතුළු මාධ්‍ය සංවිධාන ගණනාවක සාමාජිකයෝ ඊට එක්වීමට නියමිතය. අද පෙරවරු 11ට උද්ඝෝෂණය ආරම්භ කිරීමට නියමිත බව මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනයේ සංවිධායක කාංචන කුමාර ආරියදාස පැවසීය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 601728159553395669

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item