නීතිය නැති VIP ජනපති නියෝගත් ඉවත දමයි

යුද්ධයක් නොමැතිවීම හේතුවෙන් පරිවාරක රථ ඇතිව ඇමතිවරුන්ට, මන්ත්‍රීවරුන්ට ගමන් කිරීමට අවශ්‍යතාවක් නොමැති බවත්, වාහනවල ප්‍රධාන විදුලි ලාම්පුව ද...

යුද්ධයක් නොමැතිවීම හේතුවෙන් පරිවාරක රථ ඇතිව ඇමතිවරුන්ට, මන්ත්‍රීවරුන්ට ගමන් කිරීමට අවශ්‍යතාවක් නොමැති බවත්, වාහනවල ප්‍රධාන විදුලි ලාම්පුව දල්වාගෙන ජනතාවට අවහිර වන අයුරින් මැතිඇමති වාහන ගමන් කිරීම අවශ්‍ය නොවන බවත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගියදා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේය.

ඒ අතරම වාහන නීති හතක් සඳහා රුපියල් 25,000ක දඩයක්ද හඳුන්වාදීමට රජය කටයුතු කළේ මහා මාර්ග විනය ආරක්ෂා කරමින් අනතුරු වළක්වා ගැනීම සඳහාය. කෙසේ වෙතත් එදාමෙදා තුර රජයන් විසින් හඳුන්වා දෙන ලද නීතිරීති එම රජයන් නියෝජනය කරන මැතිඇමතිවරු විසින්ම බිඳ දමන ලදී.

ප්‍රධාන ලාම්පු දල්වාගෙන, පරිවාර රථ තුන හතරක් සමග ඇමතිවරුන් ගමන් කරන විට ඔවුන් මාර්ග නීති පිළිබඳව කිසිදු තැකීමක් නොකරයි. ඇතැම්විට ඒ හේතුවෙන් මාර්ග අනතුරුද ඇතිවෙයි. මෙහි දක්වා ඇත්තේද එවන් අවස්ථාවකි.

ගාල්ල - දික්වැල්ල මාර්ගයේ පසුගිය 13 වැනිදා ප්‍රභූවරයෙකු වාහන පෙළක් සමග ගමන්ගත් අයුරු මෙම ඡායාරූප පෙළෙහි දැක්වෙයි. මාර්ගයේ මැද සලකුණු කර ඇති ද්විත්ව ඉරිද නොතකමින් ඔවුන් වාහන ඉස්සර කරනු දැකගත හැකිවිය.

ජනපතිවරයා පැවසූ පරිදි මෙහි ගමන් කරන්නේ චොප්පෙද? මරු සිරාද? වෙලේ සුදාද? එහෙමත් නැතිනම් ආමි විමලෙද යන්න ගැටලුවකි. මේ එම අවස්ථාවේ ගමන්ගත් වාහනවල අංකයන්ය.


උපුටා ගැනීම https://www.facebook.com/srilankantrafficviolations ෆේස්බුක් ගිණුමෙනි.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2886552408757291182

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item