නාවික හමුදාපති රවි විජෙරත්න රණවිරුවන්ට කල හැකි ඉහලම අපහාසය කලේය

අද දින හම්බන්තොට වරායේ සේවකයින්ට කුනු හරුපයෙන් බනිමින්, ඔවුන්ට වෙඩි තියන්නට තර්ජනය කරමින්, මාධ්‍ය වේදියෙකුට පහර දෙමින් හන්දියේ චොප්පෙ චරි...

අද දින හම්බන්තොට වරායේ සේවකයින්ට කුනු හරුපයෙන් බනිමින්, ඔවුන්ට වෙඩි තියන්නට තර්ජනය කරමින්, මාධ්‍ය වේදියෙකුට පහර දෙමින් හන්දියේ චොප්පෙ චරිතය රඟ පෑමෙනි.

මේ සියල්ල කලේ ඔහුට කිසිසේත්ම අයිති නැති කාර්යයකට අත ගසමිනි. ඒ හම්බන්තොට වරාය තුල තම රැකියා නැති වේ යැයි බියෙන් විරෝදයක නිරතුවු වරාය සේවකයන් පිරිසකට ගුටි බැට දී එලවා දැමීමට අනවසරයෙන් ඉදිරිපත්වීමෙනි. මෙතුලින් ඔහු රණවිරුවන් කෙරෙහි රට වැසියන් තුල තිබෙන ආදරය නැති කිරීමේ ආන්ඩුව කරවන ඇත්තන්ගේ කුමන්ත්‍රණයට පැහැදිලි කොටස් කරුවෙකුද විය.

රටේ සාමාන්‍ය පුරවැසියන් සහභාගී වන විරෝදතාවක් පාලනය කිරීම පොලීසියට අයිති රාජකාරියකි. ඒ සඳහා සන්නද්ධ හමුදාවන් සහභාගී විය හැක්කේ නිසි ඉල්ලීමක් පොලීසියෙන් හෝ ආරක්ෂක අමාත්‍යාංශයෙන් ලැබුනොත් පමනි. අද නියෝජ්‍ය ආරක්ෂක ඇමතිවරයා පාර්ලිමෙන්තුවේ කියා සිටියේ හම්බන්තොට මෙවැනි කලබැගෑනියක් ඇති බවවත් තමා නොදන්නා බවය. ආරක්ෂක අමාත්‍යාංශය නාවික හමුදාවට නියෝගයක් දී නැත. පොලිසිය උදව් ඉල්ලා නැත. එසේනම් නාවික හමුදාපතිවරයා තමුන්ම බට පිරිසක් මෙහෙයවමින් වරාය සේවකයින් අතරට කඩා වැදී මේ සියලු ජරමර කර තිබෙන්නේ ඔහුගේම උවමනාවටය. ඔහුට යම් රහස් උපදෙසක් නොලැබුනානම් අපට උපකල්පනය කරන්නට වන්නේ එයයි.

වරායේ සේවකයින් තම විරෝදතාවකදි විදේශ නැවකට පිට වන්නට නොදී අවහිර කලා නම් එය වැරදි ක්‍රියාවකි. එහිදී සිදුවිය යුතුව තිබුනේ වහාම බලධාරීන් මැදිවී සාකච්චාකොට ප්‍රශ්ණය විසඳිමය. බලය පාවිච්චි නොකරම බැරි නම් එය කිරීමට නීත්‍යානුකූල අයිතියක් තිබෙන්නේ පොලීසියටයි.

අද දින නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා විසින් අසනලද ප්‍රශ්ණයකට පාර්ලිමෙන්තුවේ අසන ලද ප්‍රශ්ණයකට පිලිතුරු දෙමින් ආරක්ෂක නියෝජ්‍ය ඇමති රුවන් විජෙවර්දන හම්බන්තොට සිද්දිය මුහුදු කොල්ලකරුවන් නැවක් අල්ලාගැනීමකට සම කර තිබුනි. ඔහු උත්සාහ කර තිබුනේ නාවික හමුදාපතිගේ මැදිහත්වීම සාධාරණීකරනය කරන්නට වුවත් එය බොළඳ ප්‍රයත්නයකි. පලමුව වරාය සේවකයින් මුහුදු මංකොල්ලකරුවන් නොවේ. දෙවනුව මෙම සිද්දිය සිදුවූයේ මුහුදේ නොව වරාය තුලය. නාවික හමුදාවෙන් ගුටිකෑ සෙවකයින් සිටියේ ගොඩබිමය. නාවික හමුදාපතිගෙන් ගුටිකෑ මාධ්‍යවේදියා මුහුදු මංකොල්ලකරුවෙකු නොවන බව නිසැකය. මේ අනුව මෙම තත්වය පාලනය කිරීමේ වගකීම තිබුනේ නාවික හමුදාවට නොව පොලීසියටයි.

ඒ අනුව නාවික හමුදාපතිවරයාගේ මේ පහත් හැසිරිමට හේතුව කුමක්ද ? වයිස් අද්මිරාල් රවි විජෙරත්නගේ සේවා කාලය ලබන පෙබරවාරි මස අවසන් වේ. සේවා දිගු කිරීමක් ලබා ගැනීම සඳහා ලකුනු දමාගැනීමේ අදහසකින් මෙය කලාද යන සැකයද අපට මතුවේ.

කෙසේ හෝ වේවා නාවික හමුදාපති නීතිය ඉක්මවා ගොස් ඇත. රතුපස්වල සිද්ධිය වරදක් බව පවසමින් බලයට පැමිනි යහපාලන රජයට මෙම සිද්ධියේදී නාවික හමුදාපති වරයාගේ ක්‍රියාකලාපයට සමාව දිය නොහැක. මෙහි එකම වෙනස එදා වෙඩි වලින් පුද්ගලයෙකු මිය ගිය අතර මෙදා වෙඩි වලින් කිසිවෙකු මිය නොයෑම පමනි.

ඉතින් යහපාලන රජය බලය අයුතු ලෙස භාවිත කල නාවික හමුදාපතිට විරුද්ධව යහපාලන ප්‍රතිපත්ති යටතේ ක්‍රියා කරන අකාරය අපි උපේක්ෂාවෙන් බලාසිටිමු.

යහපාලන පොලිස් පතිට මෙන්ම නාවික හමුදාපතිටත් නීතිය නවන්නට අවසර තිබේදැයි අපට මේ අනුව සොයාගත හැක.

-සංජය අමරතුංග



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4218437037987960176

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item