දකුණු කොරියානු ජනාධිපතිනි පාක් ජුන් හෛ ගෙදර යයි

දකුණු කොරියානු ජනාධිපතිනි පාක් ජුන් හෛ ධූරයෙන් පහකිරීමට එරට පාර්ලිමේන්තුව අද තීරණය කර තිබේ. ඒ අනුව එවැනි ඉරණමකට මුහුණ දුන් පළමු දකුණු කොර...

දකුණු කොරියානු ජනාධිපතිනි පාක් ජුන් හෛ ධූරයෙන් පහකිරීමට එරට පාර්ලිමේන්තුව අද තීරණය කර තිබේ. ඒ අනුව එවැනි ඉරණමකට මුහුණ දුන් පළමු දකුණු කොරියානු ජනාධිපතිවරයා ඇයයි.

ඇයට එල්ල වූ දූෂණ හා අක්‍රමිකතා චෝදනා හේතුවෙන් ජනාධිපතිවරියට එරෙහිව පාර්ලිමේන්තුවට දෝෂාභියෝග යෝජනාවක් ඉදිරිපත් වූ අතර බහුතර මන්ත්‍රීවරුන් දෝෂාභියෝග යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කර තිබේ. ඇයට එරෙහිව කොරියානු ජනතාව පාරට බැස විරෝධතාව දැක්වූ අතර එය එරට ඉතිහාසයේ සංවිධානය කළ දැවැන්තම විරෝධතාවය බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේය. ජනාධිපතිනියට එරෙහිව ලක්ෂ ගණනක ජනතාව වීදිබැස උද්ඝෝෂණයෙන් නිරත විය.

එරට පාර්ලිමේන්තුවේ සාමාජිකයන් 300 න් 234 ක් දෝෂාභියෝගයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කර තිබේ.

ඇයට එල්ල වූ ප්‍රධානතම චෝදනාව වූයේ ඇයගේ පෞද්ගලික සහායිකාව මෙන්ම සමීපතම මිතුරියක වූ චොයි සූන් සිල් සඳහා රාජ්‍ය මුදල් අවභාවිතා කිරීම හා ඇයට පහසුකම් සැලසීම සඳහා බලය අයුතු ලෙස යොදාගැනීමයි. 



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

විදෙස් 5651660171607826955

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item