පොලිස් අණ නොතකා දේශපාලන දියණිය ඉගිල්ලෙයි

දේශපාලඥයෙකුගේ රූමත් විසි හැවිරිදි දියණියක් කොළඹ - මහනුවර මහා මාර්ගය ඔස්සේ පෙරේදා (11දා) මාර්ග නීති උල්ලංඝනය කරමින් පොලිස් අණද නොතකා සිය ඩිප...

දේශපාලඥයෙකුගේ රූමත් විසි හැවිරිදි දියණියක් කොළඹ - මහනුවර මහා මාර්ගය ඔස්සේ පෙරේදා (11දා) මාර්ග නීති උල්ලංඝනය කරමින් පොලිස් අණද නොතකා සිය ඩිපෙන්ඩර් රථය නොනවත්වා ධාවනය කිරීම හේතුවෙන් ඇය නීතියේ රැහැනට හසුකර ගැනීම සඳහා පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට කිලෝමීටර් 3ක දුරක් හඹායෑමට සිදුවූ බව නිට්ටඹුව පොලීසිය පවසයි.

නිට්ටඹුව මූලස්ථාන පොලිස් රථවාහන අංශයේ දෙදෙනෙකු කොළඹ - මහනුවර මහා මාර්ගයේ වේවැල්දෙණිය, රදාවඩුන්න මාර්ගය අයිනේ දිවා කාලයේ සේවයේ යෙදී සිටියදී, මහනුවර දෙස සිට කොළඹ දෙසට කළු පැහැති ඩිපෙන්ඩර් රථයක් මාර්ගයේ වංගු සහිත ස්ථානයකදී මාර්ගය මැද සලකුණු කර ඇති ද්විත්ව සුදු ඉරිවලට දකුණින් වෙනත් රථයක්ද ඉස්සර කර තිබේ.

පොලිස් අණ නොතකා ඩිෆෙන්ඩර් රථය පලායෑම නිසා වහා ක්‍රියාත්මක වී ඇති පොලිස් නිලධාරීන් දෙදෙනා රාජකාරි යතුරු පැදියේ නැගී කිලෝමීටර් තුනක දුරක් ඩිපෙන්ඩර් රථය හඹාගොස් නිට්ටඹුව පස්යාල හන්දිය ආසන්නයේදී පොලිස් යතුරු පැදිය හරස් කර ඩිපෙන්ඩර් රථය නවතාගෙන තිබේ.

අණ නොතකා යෑම පිළිබඳව පොලිස් නිලධාරීන් දෙදෙනා ඩිපෙන්ඩර් රථය පැදවූ තරුණිගෙන් ප්‍රශ්න කිරීමේදී ඇය දේශපාලඥයෙකුගේ නමක් සඳහන් කර තමා ඔහුගේ දියණියක් බවත්, සිද්ධිය පිළිබඳව සමාව අයැද සිටින බවත් පවසා තිබේ.

එම අවස්ථාවේදී පොලිස් නිලධාරීන් දෙදෙනා මෙම දේශපාලක දියණියට තරයේ අවවාද කර, ඇයගේ රියදුරු බලපත්‍රය සිය භාරයට ගෙන දින 14ක් වලංගු තාවකාලික රියදුරු බලපත්‍රයක් ඇයට නිකුත් කර ඇති අතර, එළඹෙන ජනවාරි 2 වැනිදා අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා තරුණිය මුදාහැර තිබේ.

ඩිෆෙන්ඩර් රථය තුළ තවත් තරුණ කාන්තාවන් කිහිපදෙනෙකු සිටි බවද පොලීසිය සඳහන් කරයි.





මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5746215371913423979

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item