චම්පික ඇමතිත් රතන හිමිත් නිහඬවීම ප්‍රශ්නයක්

සිංහලයන් සහ රටට වැඩක් කළහැකි නායකයන් බෙදීමකට ලක්කර, මේ රට විනාශ කර දැමීමේ කුමන්ත්‍රණ ක්‍රියාත්මක විය හැකි බැවින් මෙරටට ආදරය කරන සියලු දෙන...

සිංහලයන් සහ රටට වැඩක් කළහැකි නායකයන් බෙදීමකට ලක්කර, මේ රට විනාශ කර දැමීමේ කුමන්ත්‍රණ ක්‍රියාත්මක විය හැකි බැවින් මෙරටට ආදරය කරන සියලු දෙනා රටත් ජාතියත් ගලවා ගැනීමට පෙරමුණ ගත යුතු බව බොදු බලසේනා සංවිධානය අවධාරණය කරයි.

මේ අවස්ථාවේදී ජාතික සංවිධාන ලෙස පුද්ගලයන්, උගතුන් නැණවතුන් කොන්කළහොත් ආපසු හරවාගත නොහැකි තරමේ පාපකර්මයක් සිදුවන බවත්, ජාතිකත්වය තුළ සිටින නායකයන් සමගි කරගෙන මෙම අර්බුදය විසඳා ගතයුතු බවත් එම සංවිධානය පෙන්වා දෙයි.

මහින්ද රාජපක්ෂ , ගෝඨාභය රාජපක්ෂ, පාඨලි චම්පික රණවක, අතුරලියේ රතන හිමියන්, දිනේෂ් ගුණවර්ධන, උදය ගම්මන්පිල, විමල් වීරවංශ, ආදී වශයෙන් විවිධ දේශපාලන පක්ෂවලට බෙදී සිටින, ජාතිකත්වය තුළ දේශපාලනයෙහි නිරතවෙන නායකයන් සියලු දෙනා එක වේදිකාවකට ගොඩවී රට වෙනුවෙන් යුතුකම ඉටුකරන්නැයිද බොදු බලසේනා සංවිධානය ඉල්ලීමක් කළේය.

රටත්,ජාතියත් සම්බුද්ධ ශාසනයත් වනසා දැමීමේ කුමන්ත්‍රණය හතර අතින්ම ක්‍රියාත්මකවී රට අවුල් ජාලාවක් තත්වයකට පත්වී ඇතැයි පෙන්වා දෙන බොදුබල සේනා සංවිධානය චම්පික රණවක මහතාගේ සහ අතුරලියේ රතන හිමියන්ගේ අදහස මේ මොහොතේදී අත්‍යවශ්‍ය බවත්,ඔවුන්ගේ නිහඩතාවය බරපතල ප්‍රශ්නයක් බවත් සදහන් කරයි.

චම්පික රණවක මහතා සහ අතුරලියේ රතන හිමියන් නොසිටින්න යුද්ධය ජයගැනීමට නොලැබන බව පවසන එම සංවිධානය මහින්ද රාජපක්ෂ මහතාට හා ගෝඨාභය රාජපක්‍ෂ මහතාට යුද්ධය ජයග්‍රහණය කරවීමේ ගරුත්වය හිමිවන ආකාරයෙන්ම චම්පික රණවක මහතා සහ අතුරලියේ රතන හිමියන් සිදු කල කාර්යභාරය වෙනුවෙන් ගරුත්වය එකසේ ලැබිය යුතු බවද ප්‍රකාශ කරයි.

මේරටේ ජාතිකත්වය මතුකිරීමෙන් යුද්ධය ජයගත හැකියැයි ද ,ඒ අනුව යුද්ධය ජයගත යුතුයැයිද වැඩපිලිවෙලක් සකස් කොට ජාතික මතය රටේ නායකයන්ගේ හිත් වලට පවා කාවැද්දීම සිදුකලේ චම්පික රණවක මහතා සහ අතුරලියේ රතන හිමියන් විසින් බවත් ,එම කරුණ කිසිදු දිනක අමතක නොකරන බවත් බොදු බල සේනා සංවිධානය සදහන් කරයි. 




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4721651216606148108

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item