රට පුරා උද්ගෝෂණ සහ විරෝධතා - පුරහල අවටත් දැඩි රථ වාහන තදබදයක්

ත්‍රීරෝද රථ හිමියන්ගේ විරෝධතා ව්‍යාපාරයක් හේතුවෙන් කොළඹ - පුරහල ප්‍රදේශයේ දැඩි රථ වාහන තද බදයක් නිර්මාණය වී ඇති බව වාර්තා වෙනවා. මාර්...

ත්‍රීරෝද රථ හිමියන්ගේ විරෝධතා ව්‍යාපාරයක් හේතුවෙන් කොළඹ - පුරහල ප්‍රදේශයේ දැඩි රථ වාහන තද බදයක් නිර්මාණය වී ඇති බව වාර්තා වෙනවා.

මාර්ග වැරදි සඳහා දඩ මුදල් ඉහළ දැමීමට විරෝධය පළ කරමින් පෞද්ගලික බස් සංගම් විසින් ආරම්භ කර ඇති වැඩවර්ජනයට සහය පළ කරමින් ත්‍රීරෝද රථ සංගම් විසින් මෙම විරෝධතා ව්‍යාපාරය ආරම්භ කර තිබේ. 

මේ හේතුවෙන් කොළඹ, පුරහල අවට ප්‍රදේශයේ මාර්ගයන්හි ගමනා ගමනයට දැඩි බාධා එල්ල වී ඇති බවද අද දෙරණ වාර්තාකරු පවසයි.

මේ අතර ත්‍රීරෝද රථ හිමියන්ගේ විරෝධතා ව්‍යාපාරයක් හේතුවෙන් කොළඹ-මීගමුව ප්‍රධාන මාර්ගයේ ගමනා ගමනයටද බාධා එල්ල වී තිබේ.

මේ අතර මාතලේ රත්තොට ප්‍රදේශයේද ත්‍රීරෝද රථ සහ ලොරි රථ රියදුරන් පිරිසක් නව රථ වාහන දඩ යෝජනාවලට විරෝධය පළ කරමින් උද්ඝෝෂණයක නිරතවන බව  වාර්තා වෙනවා.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6325423703927123005

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item