යහපාලන දේශපාලන පලිගැනීමෙන් පසු කුමාර් ගුණරත්නම් නිදහස්

සිරදඬුවම් ලබමින් සිටි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන බලමණ්ඩල සභික කුමාර් ගුණරත්නම් මහතා නිදහස ලබා තිබේ. සංචාරක වීසාවකින් මෙරටට ප...


සිරදඬුවම් ලබමින් සිටි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන බලමණ්ඩල සභික කුමාර් ගුණරත්නම් මහතා නිදහස ලබා තිබේ.

සංචාරක වීසාවකින් මෙරටට පැමිණ දේශපාලනයේ නිරතවෙමින් ආගමන විගමන නීතිය උල්ලංඝණය කළ බවට ‍චෝදනා කරමින් ගුණරත්නම් අත්අඩංගුවට පත්වන්නේ 2015 නොවැම්බර් 4දාය. බොහෝ මධ්‍යස්ත මතධාරීන් වසරක් පුරා අදහස් දක්වමින් කියා සිටියේ කුමාර ගුණරත්නම් සිරගත කිරීම දේශපාලන පලිගැනීමක් සහ වහා නිදහස් කල යුතු බවය. එහෙත් ජනතා විමුක්ති පෙරමුණේ යහපාලන ඩීල් එයට වඩා බලවත් විය.

නඩු විභාගයෙන් පසුව වසරක කුමාර් ගුණරත්නම්ට සිරදඬුවම් නියම වූයේ 2016 මාර්තු 31 වන දින වන අතර බන්ධනාගාර දින නියමයන්ට අනුව ඔහුගේ වසරක සිරගත කාලය නිමාවීමට යෙදී තිබුණේ එළඹෙන දෙසැම්බර් 09දාය.





මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3176829412819096484

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item