ප්‍රභාකරන් බේරාගන්න අමෙරිකාව කළ මෙහෙයුම හෙළිවෙයි? යුද්ධය ගැන අලුත්ම පොත මෙන්න

බෙදුම්වාදී අන්තවාදී කොටි සංවිධානය 2009 යුද්ධයේදී නැත්තටම නැති කිරීම නිසා අමෙරිකාවේ බලාපොරොත්තු බිඳවැටි ගිය බව අමෙරිකා විදේශ ප්‍රතිපත්තිය දැ...

බෙදුම්වාදී අන්තවාදී කොටි සංවිධානය 2009 යුද්ධයේදී නැත්තටම නැති කිරීම නිසා අමෙරිකාවේ බලාපොරොත්තු බිඳවැටි ගිය බව අමෙරිකා විදේශ ප්‍රතිපත්තිය දැඩි ලෙස විවේචනයට ලක් කරමින් අමෙරිකා රාජ්‍ය දෙපාර්තුමේන්තුවේ විශ්‍රාමික දේශපාලන උපදේශකයකු වන දයා ගමගේ මහතා ලියූ පොතක සඳහන් වේ.

“දෙමළ කොටි අමෙරිකාවට ණය ගැත්තෝය‘‘ යන නමින් ඉංග්‍රිසි භාෂාවෙන් ප්‍රකාශයට පත්කර ඇති මෙම පොත විජිත යාපා සමාගම ප්‍රකාශයට පත් කරයි.

26 වසරක් කොටි සංවිධානය පරාජය කිරීමට ශ්‍රි ලංකා හමුදාව ගත් උත්සහයන් අමෙරිකා විදේශ පිළිවෙතේ සට කපට හා ප්‍රතිපත්තියක් නැති ක්‍රියාමාර්ගද එමනිසා ශ්‍රි ලංකාවේ ත්‍රස්තවාදී සටන අඩාල කිරීමට අමෙරිකා ගත් උත්සාහයේදී විදේශ ප්‍රතිපත්තියේ දියාරු හා නැවෙන සුළු පිළිවෙතින් කොටි සංවිධානය බේරා ගැනීමට කැසකැවු සැටිත් ශ්‍රි ලංකාව එයින් බරපතල උභතෝ කෝටිකයට මුහුණ පෑ හැටිත් මෙම පොතේ කර්තෘවරයා විස්තර කර ඇත.

කොටි සංවිධානයේ නායකයා මරණයෙන් බේරා ගෙන වෙනත් ස්ථානයක රඳවා ගනිමින් අවශ්‍ය වූ විට ශ්‍රි ලංකා රජයට බලපෑම් එල්ල කිරීමේ පීඩන කණ්ඩායමක් ලෙස ඔවුන් යොදා ගැනීමට අමෙරිකාව අවසන් මොහොත දක්වාම උත්සහ ගත් බව කර්තෘවරයා හෙළි කරයි.

අමෙරිකා රාජ්‍ය දෙපාර්තුමේන්තුව ඒ සඳහා ගෙන ගිය කූට හා කයිරාටික උපක්‍රම ආදිය මෙම පොතෙන් විස්තර කරයි. ශ්‍රි ලංකාවේ යුද්ධයට අතහිත දෙමින් දර දිය අදිමින් සිටි දෙමළ ඩයස්පෝරාවට පණ නළ පිදීමේ වොෂින්ටන් පිළිවෙත විවේචනයට ලක් කරන මෙම ග්‍රන්ථය පෙන්වා දෙනුයේ අමෙරිකාව කොටි න්‍යාය පත්‍රය අනුව හැමවිටම ක්‍රියා කළ බවයි.

අමෙරිකාවේ උත්සාහය වී ඇත්තේ ශ්‍රී ලංකාවට බලපෑම් එල්ල කීරීමේ ජගත් රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයක් කොටි සංවිධානය නමින් පිහිටුවා ගැනීමයි.

ඒ සඳහා ඔවුන් කෙතෙක් දුරට ක්‍රියා කළේදැයි පෙන්වා දෙන කර්තෘවරයා නන්දිකඩාල් කලපුවට කොටුවී සිටි ප්‍රභාකරන් ඇතුළු කොටි නායකයින් බේරාගෙන ශ්‍රී ලංකාවෙන් රැගෙන යාමේ කූට සැලැස්මක් අමෙරිකාව සතුව තිබූ බවද කියයි. ඔවුන් ඒ සඳහා එක්සත් ජාතින්ගේ සංවිධානය පවා ඔවුන්ගේ ක්‍රියාවලියට යොදා ගැනීමට ක්‍රියා කර ඇත.

කොටි සංවිධානයේ දුෂ්ට හා කුරිරු පිළිවෙත් ගෙනහැර දක්වන කර්තෘවරයා පවසනුයේ තම පොත ලිවීමට අමෙරිකා රාජ්‍ය දෙපාර්තුමේන්තුවේ තම හිතුවතුන් කිහිපදෙනෙකුගේ උනන්දුව හා මඟ පෙන්වීමද ලැබුණ බවයි.

අමෙරිකා රාජ්‍ය දෙපාර්තුමේන්තුවේ ඇතුළේ කියුම් කෙරුම්ද ඔහුගේ ග්‍රන්ථයෙන් විවේචනය කරයි. යුද්ධයෙන් පසු ශ්‍රී ලංකාවේ ගමන් මගේ පූරෝගාමියකු ලෙස දෙමළ ඩයස්පෝරාව (එතෙර වාසය කරන ශ්‍රි ලංකා දෙමළ වැසියන්) වෙනුවෙන් ඔවුන්ගේ සිතැගි පරිදි ඊළමක් බිහිකර දීමට අමෙරිකාව ගත් උත්සාහය ශ්‍රී ලංකා යුද හමුදාවෙන් වැලැක්වූ සැටියේ කොටියා යුද්ධයෙන් පරාජය නොවුයේ නම් කොටි ඩයස්පෝරාව (දෙමළ) ජගත් රාජ්‍ය තාන්ත්‍රික බලවේගයන් බවට පත් කිරීමට අමෙරිකාව සිය විදෙස් පිළිවෙත ඔවුනට ඕනෑ ඕනෑ විදියට වෙනස් කළ බව කර්තෘවරයා කියයි.

බටහිර රටවල ආණ්ඩුවල උදව්වෙන් දෙමළ ඩයස්පෝරාව කක්ෂගත කර එය රට දෙකඩ කිරීමේ ගාමක බලවේගය කර ඔවුන් පත් කර ගැනීමේ මූලික උත්සාහය වැරැදි ගිය සැටිත් පොතේ විස්තර කරයි.

කොටි යුද්ධයෙන් පරාජය වීමත් සමඟ වොෂින්ටන් විදෙස් පිළිවෙතේ ගමන් මගේ ඉලක්කය වැරදී ඇතැයිද ඉන්පසුව අවුරුදු 26ක් තිස්සේ ත්‍රස්තවාදය එරෙහිව රට බේරා ගැනීමට ක්‍රියා කළ හමුදා නායකයින් හා රට වැසියන් යුද අපරාද කළැයි හන්වඩු ගැසීමට අමෙරිකාව ගත් වෑයමද මෙම පොතේ විස්තර වේ.

ඒ සඳහා වූ අමෙරිකාව ජාත්‍යන්තර මානුෂික නීතියට මුවා වූ හැටිත්, එමගින් දෙමළ ඩයස්පෝරාවට උත්තේජනයක් ලබා දීමට ක්‍රියා කළ හැටිත් විස්තර කරන කර්තෘවරයා අමෙරිකා විදෙස් පිළිවෙතේ නිරුවත හා ප්‍රතිපත්තියක් නැති ක්‍රියාමාර්ග ගත් හැටිත් ඉරාකය, ඇෆ්ගනිස්ථානය හා ලිබියාවේ ආණ්ඩුද ආක්‍රමණය කරමින් එම රටවල් සිදුකළ අතීත ඔලමොට්ටලකම් නොතකා ශ්‍රී ලංකාවටද අත පෙවීමේ උත්සාහයේදී දෙමළ ඩයස්පෝරාවට තුරුම්පුවක් කර ගත් ආකාරයක් කතුවරයා හේතු සාධක ඇතුව විස්තර කරයි.






මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4014130544691889865

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item