මහින්ද - මෛත්‍රී වෙන්ව සටනට?

මෙතෙක් සිදුකළ දේශපාලන කටයුතුවල ප්‍රගතිය විමසා බැලීම සඳහා ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පළාත් පාලන නියෝජිතයන්ට ලබන හෙට (23) බත්තරමුල්ල නෙළුම් ...

මෙතෙක් සිදුකළ දේශපාලන කටයුතුවල ප්‍රගතිය විමසා බැලීම සඳහා ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පළාත් පාලන නියෝජිතයන්ට ලබන හෙට (23) බත්තරමුල්ල නෙළුම් මාවත පිහිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්යාලයට පැමිණෙන ලෙසට දැනුම් දී තිබේ.

ඉදිරි පළාත් පාලන මැතිවරණයට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ යටතේ තරග කිරීම සඳහා ගම් මට්ටමෙන් සිදුකර ඇති ප්‍රතිසංවිධාන කටයුතු පිළිබඳව මෙහිදී විමසීමට නියමිත බව වාර්තාවේ.

හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්ද රාජපක්ෂ මහතා ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන දේශපාලන පක්ෂ නායකයන් සහ විපක්ෂ මන්ත්‍රිවරුන් පිරිසකගේ ප්‍රධානත්වයෙන් මෙම හමුව පවත්වනු ඇත.

මේ අතර ඉදිරි සති දෙක ඇතුළත උතුරු නැගෙනහිර ද ඇතුළු සියලු ප්‍රදේශ ආවරණය වන පරිදි ආසන සංවිධායකවරුන් පත් කිරීමට කටයුතු කරන බවත් ශාඛා සමිති ප්‍රතිසංවිධාන කටයුතු මාර්තු 31 වැනිදා වන විට අවසන් කරන බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ශ්‍රීලනිප ආසන සංවිධායකවරුන් හා දිස්‌ත්‍රික්‌ සංවිධායකවරුන් හමුවේ පෙරේදා (20) ප්‍රකාශ කර තිබේ.

මැතිවරණයේදී ශ්‍රීලනිපය ජයග්‍රහණය කරා ගෙන යැමේ කටයුත්ත තමන් විසින් සිදු කරන බවත් ඒ සඳහා සියලු ආසන සංවිධායකවරුන්ට සහ දිස්‌ත්‍රික්‌ සංවිධායකවරුන්ට කැප වී කටයුතු කරන මෙන් තමන් ඉල්ලා සිටින බවත් ජනාධිපතිවරයා පවසා ඇත.

ඉදිරි පළාත් පාලන මැතිවරණය ලබන මැයි මාසයේදී කොට්‌ඨාස ක්‍රමය යටතේ පැවැත්වීමට කටයුතු කරන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබේ.

ඊට අදාළ ගැසට්‌ නිවේදනය ඉදිරි දින කිහිපය තුළ ප්‍රකාශයට පත් කරන බවත් කොළඹ පදනම් ආයතනයේදී පෙරේදා පැවැති එම හමුවේදී ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත.

ශ්‍රීලනිපය නියෝජනය කරන සංවිධායකවරුන් විශාල පිරිසක්‌ මෙම අවස්‌ථාව සඳහා සහභාගී වී ඇති අතර ඊයේ දහවල් 12 සිට පැය දෙකහමාරක පමණ කාලයක්‌ මෙම හමුව පදනම් ආයතනයේදී පැවැත්විණි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7749000258321735498

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item