වරාය දෙන්න යන්නේ ටෙන්ඩර් පටිපාටියකින් ‍‍තොරව

හම්බන්තොට වරායේ ඇස්තමේන්තුගත නිවරදි වටිනාකම ඩොලර් බිලියන 2.5ක් බවත්,එය විකුණා දමන්නට යන්නේ ‍ඩොලර් බිලියන 1.1ට බවත් එජනිස පාර්ලිමේ...



හම්බන්තොට වරායේ ඇස්තමේන්තුගත නිවරදි වටිනාකම ඩොලර් බිලියන 2.5ක් බවත්,එය විකුණා දමන්නට යන්නේ ‍ඩොලර් බිලියන 1.1ට බවත් එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම පවසයි.

එසේ චීනයට දෙනු ලබන්නේද කිසිදු ටෙන්ඩර් පටිපාටියකින් තොරව බවත්,එය යහපාලනයේ මූලික කොන්දේසිවලට විරුද්ධ බවත් මන්ත්‍රීවරයා කියා සිටියේ අද(16)බොරැල්ල එන්.එම් පෙරේරා මධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදීය.

වරාය හා ගුවන්තොටුපළවල ආරක්ෂාවට හමුදාව යොදවන බවට ඊයේ දිනයේ අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළ බවත්,එසේ කරනු ලබන්නේ ගුවන්තොටුපළ ආරක්ෂාව ගැන සිතා නොව මෙහෙව් ආකාරයට ඒවා කුණු කොල්ලයට විකුණනු ලබනවිට ඊට එරෙහිව නැඟෙන විරෝධතා මර්දනය කිරීමට බැව් ඔහු සඳහන් කළේය.

රටේ සියලුම ආර්ථික මර්මස්ථාන විදේශීයකරණය කරමින් සිටින බවත්,එහි ප්‍රතිඵලය වනු ඇත්තේ 2020වන විට පොලීසිය,හමුදා,බන්ධනාගාර හා අධිකරණ පද්ධතිය හැර අන් සියලුම දේ විදෙස් රටවල් සතුවීම විය හැකි යයි ද අලහප්පෙරුම මහතා මෙහිදී කියා සිටියේය.

ඒ අනුව ඉදිරියේදී දැනට පවත්නා ජාතික ගීය වෙනුවට නන්දා මාලිනිය ගයන 'රට කරවන්න නම්"යන ගීතය ජාතික ගීය ලෙස භාවිතා කළ හැකිවනු ඇතැයි මන්ත්‍රීවරයා සඳහන් කළේය.

අද වනවිට ශ්‍රී ලංකා මහබැංකුව හා මහා භාණ්ඩාගාරයද මුදා නොගත් ප්‍රදේශ ලෙස පවත්නා බවත්,ඒවා වහාම මුදා ගැනීමට කටයුතු කළ යුතුව ඇති බවත් හෙතෙම අවධාරණය කළේය.

මේ අතර මෙම මාධ්‍ය හමුවට එක්වුණු කෙහෙළිය රඹුක්වැල්ල මන්ත්‍රීවරයා කියා සිටියේ පසුගියදා හම්බන්තොට වරායේදී මාධ්‍යවේදියෙකුට නාවික හමුදාපතිවරයා විසින් පහරදීමේ සිද්ධියට අදාළව සේනාධිනායක ලෙස ජනාධිපතිවරයා කිසිවක් ප්‍රකාශ කර නොමැති බවයි.

ඒ අනුව ජනාධිපතිවරයාගේ බලතල වෙනත් කිසිවෙකු විසින් ක්‍රියාවේ යොදවනවාද යන්න පිළිබඳ සැකයක් පවතින බව ඔහු අවධාරණය කළේය.

අනෙක් අතට හම්බන්තොට වරාය විකුණන්නට යන ඩොලර් බිලියන 1.1න් එය සෑදීමට ගිය ණය බේරන්නේද යන්න පිළිබඳ තමන් ආණ්ඩුවට අභියෝගයක් කරන බවත්,එවන් ‍මුදලකට විකුණනු ලැබුවද මිලියන 700ක් පමණ ඉතුරුවන බවත්,එම මුදලින් කොළඹ-නුවර අධිවේගයේ කටයුතු අඩක් පමණ නිමා කළ හැකිවනු ඇති බවත් රඹුක්වැල්ල මන්ත්‍රීවරයා සඳහන් කළේය.








මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 813339341389615902

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item