මාධ්‍යවේදී පැමිණිල්ල වැරදි පොලිසියටයි - අගමැතිගේ හතරබීරි කතා

මාගම්පුර වරායේදී නාවික හමුදාපති මාධ්‍යවේදියාට පහරදීමේ සිද්ධියේදී පහර කෑ මාධ්‍යවේදියා පැමිණිල්ල කර ඇත්තේ වැරදි පොලිසියට බවත් හරි පොලිසිය හ...

මාගම්පුර වරායේදී නාවික හමුදාපති මාධ්‍යවේදියාට පහරදීමේ සිද්ධියේදී පහර කෑ මාධ්‍යවේදියා පැමිණිල්ල කර ඇත්තේ වැරදි පොලිසියට බවත් හරි පොලිසිය හම්බන්තොට බැවින් එහි පැමිණිල්ලක් කළහොත් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බව අගමැති රනිල් වික්‍රමසිංහ අද (15) අරලියගහ මන්දිරයේදී කීවේය.

නාවික හමුදාපති ආර්.විජේගුණරත්න හම්බන්තොට වරාය සේවක වර්ජනය හේතුවෙන් ඇතිවූ සිද්ධියේ වාර්තාව අගමැතිට ලබාදීමේ අවස්ථාවේදී එසේ සඳහන් කළේය.

හම්බන්තොට වරායේ නාවික හමුදා කඳවුරක් පිහිටුවන ලෙසද අගමැති එහිදී නාවික හමුදාපතිට උපදෙස් දුන්නේය. වරාය සේවක වර්ජනයේදී විදේශ නෞකාවක් වරායේ රඳවාගෙන සිටීම හේතුවෙන් ඩොලර් ලක්ෂ 40ක බිලක් එම නැව් සමාගම ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා එවා ඇතැයි අගමැති කීවේය. මාගම්පුර වරායේ දේපළවලට හානි කර ඇත්නම් තරාතිරම නොබලා දඬුවම් ලබාදෙන බවද අගමැති කීය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7920400754785997606

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item