IOC වලින් තෙල් ගහන්නේ බලාගෙනයි – බාල පෙට්‍රල් තොගයක් යළි වෙළෙඳපොළට

ප‍්‍රමිතියෙන් තොර පෙට්‍රල් තොගයක් වෙළෙඳපොළට නිකුත් වී ඇතැයි නෙත් නිව්ස් වාර්තා කරනවා. වැඩිදුරටත් කළ සොයා බැලීමකදී හෙළි වුණේ ඔක්ටේන් 9...

ප‍්‍රමිතියෙන් තොර පෙට්‍රල් තොගයක් වෙළෙඳපොළට නිකුත් වී ඇතැයි නෙත් නිව්ස් වාර්තා කරනවා.

වැඩිදුරටත් කළ සොයා බැලීමකදී හෙළි වුණේ ඔක්ටේන් 92 වර්ගයේ ප‍්‍රමිතියෙන් තොර පෙට‍්‍රල් තොගයක් මෙලෙස IOC පිරවුම්හල් හරහා බෙදාහැර ඇති බවයි.

අදාළ ඉන්ධන පොම්ප මගින් වාහනවලට නිකුත් කිරීමේදී ඉන්ධන යන්ත‍්‍රවල කි‍්‍රයාකාරීත්වයට ගැටලූ මතු වී තිබෙනවා. ඒ, අදාළ ඉන්ධන නිසි ප‍්‍රමිතියෙන් තොර වීම නිසායි.

කොළඹ නගරයේ ඉන්ධනහල් කිහිපයකින්ම මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වී තිබෙනවා. ඒ පිළිබඳ ඔවුන් අදාළ අංශ දැනුවත් කර ඇති බවයි වාර්තා වුණේ.

ප‍්‍රමිතියෙන් තොර ඉන්ධන තොගය වෙනුවට නව ඉන්ධන තොග ලබාදෙන බවට බලධාරීන් ඔවුන්ට දැනුම් දීමක් සිදුකර තිබෙනවා.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4297305825010837085

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item