MH370 සෙවූ ප්‍රදේශ වැරදිලු ඒත් අලුත් සෝදිසියකුත් නෑ

පුද්ගලයන් 239 දෙනෙකු සමග අතුරුදන් වූ මැලේසියානු ගුවන් සේවයට අයත් MH370 යානය දැනට සෝදිසි මෙහෙයුම් සිදුකරන කලාපයේදී හමු නොවනු ඇති බවත්, එම ...

පුද්ගලයන් 239 දෙනෙකු සමග අතුරුදන් වූ මැලේසියානු ගුවන් සේවයට අයත් MH370 යානය දැනට සෝදිසි මෙහෙයුම් සිදුකරන කලාපයේදී හමු නොවනු ඇති බවත්, එම සෝදිසි මෙහෙයුම් තවදුරටත් උතුරට සිදුකළ යුතු බවත් විශේෂඥ මතයක් ඉදිරිපත් වී තිබේ.

2014 මාර්තු මාසයේදී අතුරුදන් වූ යානය සොයා වසර දෙකකට අධික කාලයක් ඉන්දියානු සාගරයේ දකුණුදිග කොටසේ සෝදිසි මෙහෙයුම් සිදුකළද යානය පිළිබඳව එම කලාපයේදී කිසිදු තොරතුරක් හමු නොවීය.

චීනයේ බීජිං නුවර සිට මැලේසියාවේ ක්වාලලම්පූර් දක්වා ගමන් කළ මෙම යානය අතුරුදන් වීමෙන් පසුව ඉන්දියන් සාගරය ආශ්‍රිත දූපත් කිහිපයක තිබියදී යානයේ සුන්බුන් කිහිපයක් හමුවූවා හැරෙන්නට යානය අනතුරට ලක්වූ ස්ථානයක් හෝ කඩා වැටුණු ස්ථානයක් පිළිබඳව කිසිදු හෝඩුවාවක් නොවීය.

කෙසේ වෙතත්, මේ වනවිට යානය සොයා සෝදිසි මෙහෙයුම් විශේෂඥයන් පෙන්වා දෙන්නේ මෙම කලාපයෙන් නොව, තවදුරටත් උතුරට වන්නට සෝදිසි මෙහෙයුම් දියත් කළ යුතු බවය.

නමුත්, මෙම මෙහෙයුම් දීර්ඝ කිරීමේ බලාපොරොත්තුවක් නොමැති බව ඔස්ට්‍රේලියානු බලධාරීන් පවසා තිබේ. දැනට සිදුකෙරෙන සෝදිසි මෙහෙයුම්ද 2017 ජනවාරි හෝ පෙබරවාරි වනවිට අවසන් වීමට නියමිත බවද පෙන්වා දෙන ඔස්ට්‍රේලියානු ප්‍රවාහන අමාත්‍යවරයා, මෙම නව මතය ඉදිරිපත් කරන විශේෂඥයන් ස්ථිර ප්‍රදේශයක් දක්වා නොමැති බවද කියයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5278995037135973598

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item