නාවික හමුදාව හම්බන්තොට මෙහෙයුම් අරඹයි (PHOTOS)

වික හමුදාව විසින් මේ වන විට හම්බන්තොට වරායෙන් මෝටර් රථ 1086 ක් නැව්ගත කිරීමට සහය ලබා ‍දී තිබෙනවා. පසුගිය දෙසැම්බර් 07 වැනි දින හම්බන්තො...

වික හමුදාව විසින් මේ වන විට හම්බන්තොට වරායෙන් මෝටර් රථ 1086 ක් නැව්ගත කිරීමට සහය ලබා ‍දී තිබෙනවා.

පසුගිය දෙසැම්බර් 07 වැනි දින හම්බන්තොට වරාය සේවකයින් විසින් දියත් කරන ලද විරෝධතා ව්‍යාපාරයට අද (13) වන විට දින 7 ක් සම්පුර්ණ වනවා. මෙමගින් හම්බන්තොට වරායේ දෛනික කටයුතුවලට විශාල වශයෙන් බාධා එල්ල වී තිබුණා. දෙසැම්බර් 10 වැනිදා උද්ගත වු හදිසි තත්ත්වය නාවික හමුදාව විසින් පාලනය කළ අතර එමගින් වරායේ ආරක්ෂාව තහවුරු කර අනෙකුත් කටයුතු යථා තත්ත්වයට පත් කිරීමට හැකි වූ බවයි නාවික හමුදා මාධ්‍ය අංශය නිවේදනය කරන්නේ.

මේ අනුව වාහන ප්‍රවාහන නෞකාවක් වන “ග්ලෝවිස් ෆීනික්ස්” නෞකාවට කාර් සහ ජීප් රථ 1086 ක් පැටවිමට නාවික හමුදාව අද (13) කටයුතු ආරම්භ කළා. මෙම දකුණු කොරියානු වාහන ප්‍රවාහන නෞකාව දෙසැම්බර් 11 වැනි දින හම්බන්තොට පිටත වරායට ප්‍රවිෂ්ඨ වුවක්.

එය අද වාහන පැටවිම සඳහා හම්බන්තොට වරායේ ජැටිය වෙත පැමිණියා. ඒ අනුව කඩිනම්ව සහ කාර්යක්ෂමව රථ වාහන පැටවිමේ කටයුතුවලින් අනතුරුව හෙට (14) මෙම නෞකාව එහි ඊලග නැවතුම් වරාය වන දකුණු අප්‍රිකාවේ ඩර්බන් වරාය වෙත පිටත් විමට නියමිතයි.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6493836601904845127

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item