කෝටි 420 නිල්වලා බෝම්බය පිපිරේ - ආණ්ඩුවෙන් ගියොත් හිරේ

පසුගිය දා මහත් ආන්දෝලනයකට තුඩු නිල්වලා ගග ව්‍යාපෘතිය සම්බන්ධයෙන් පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය විසින් මේ වනවිට සිදු කර ඇති විමර්ශනයන් අනුව...

පසුගිය දා මහත් ආන්දෝලනයකට තුඩු නිල්වලා ගග ව්‍යාපෘතිය සම්බන්ධයෙන් පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය විසින් මේ වනවිට සිදු කර ඇති විමර්ශනයන් අනුව වාරිමාර්ග අමාත්‍යාංශයේ ඉල්ලිම පරිදි මුදල් අමාත්‍යාංශයේ මහා භාණ්ඩාගාරය විසින් රුපියල් කෝටි 420 ක මුදල වාරිමාර්ග අමාත්‍යාංශයේ ගිනුමට බැරවී ඇති බැව් හෙලි වී ඇත.

මේ අනුව අවශ්‍ය කට උත්තර මෙයට සම්බන්ධ තීරණයන් ගත් ප්‍රධාන පුද්ගලයින්ගෙන් ලබාගෙන ඇති අතර පරික්ෂණයේ වර්තමාන තත්ත්වය රටේ බලවතෙකු වෙත වාර්තා කොට ඇත.

ඉහළින් ලැබෙන උපදෙස් අනුව ප්‍රධාන පෙලේ දේශපාලන නීයෝජිතයින් කිහිප දෙනෙකු අත් අඩංගුවට ගැනිමට නියමිතය. එහෙත් රටේ නැගි එන දේශපාලන අර්බුදය හමුවේ මෙම සැකකරුවන් අත් අඩංගුවට ගැනිම පමා කිරිම තුලින් රජය රැකගැනීමේ උත්සහයක ද යෙදෙන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

2015 ජනවාරි 7වෙනිදා රුපියල් මිලියන 3012ක් අත්තිකාරම් ලෙස මුදල් අමාත්‍යාංශයේන් වාරිමාර්ග හා ජල කලමාණාකරන අමාත්‍යාංශයට නිදහස් කරන අවස්ථාවේදි අමාත්‍යාංශය භාරව සිටි අමාත්‍යවරයා නිමල් සිරිපාල ද සිල්වා විය.

දින 100යේ ආණ්ඩුවේ වාරිමාර්ග හා ජල කලමාණාකරන හා කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස පත් වූයේ ද දුමින්ද දිසානායකයි.2015 අගෝස්තු මහ මැතිවරණය සමඟ අමාත්‍ය මණ්ඩලය වෙනස් වූ අතර වර්තමානයේදි එනම් මේ වනවිට වාරිමාර්ග හා ජල කලමාණාකරන අමාත්‍යවරයා ලෙස කටයුතු කරන්නේ ජාතික ලැයිස්තුවෙන් පත්කල ශ්‍රිලනිප මන්ත්‍රී විජිතමුණි සොයිසා අමාත්‍යවරයාය.

මේ වනවිට ඉහත ඇමතිවරුන් තිදෙනාම සම්මුති ආණ්ඩුවේ කැබිනට් අමාත්‍යවරුන් වන අතර ඔහුන් ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී පාර්ශවය නියෝජනය කරයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4130925558237456934

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item