වැඩ බැරි නම් වැඩක් නෑ, මාස දෙකෙන් තීරණයක් - පාලිත රංගේබණ්ඩාර

රාජ්‍ය අමාත්‍යවරුන් වෙත නිශ්චිත වැඩපිළිවෙලක් සකස් කර දීම තවදුරටත් ප‍්‍රමාද වන්නේනම් අමාත්‍යවරුන් ලෙස කටයුතු කිරීම එතරම් ඵලදායී කි‍්‍රයාවක...

රාජ්‍ය අමාත්‍යවරුන් වෙත නිශ්චිත වැඩපිළිවෙලක් සකස් කර දීම තවදුරටත් ප‍්‍රමාද වන්නේනම් අමාත්‍යවරුන් ලෙස කටයුතු කිරීම එතරම් ඵලදායී කි‍්‍රයාවක් නොවන බව නිපුනතා සංවර්ධන හා වෘත්තීය පුහුණු රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේබණ්ඩාර පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ නව ආණ්ඩුව බලයට පත් වී වසරකට වැඩි කාලයක් ඉක්ම ගොස් ඇතත් රාජ්‍ය අමාත්‍යවරුන් පත්වී සිටින අපහසුතාව දුරු කිරීමට ක‍්‍රමවත් වැඩපිළිවෙලක් දියත් වී නොමැති බවයි. මේ ගැටළුව විසඳීමට අදාලව ජනාධිපතිවරයා හා අග‍්‍රාමාත්‍යවරයා වෙත අවස්ථා කිහිපයකදීම යෝජනා ඉදිරිපත් කර ඇති බව පැවසූ පාලිත රංගේබණ්ඩාර අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ නව වසරේදීවත් රාජ්‍ය අමාත්‍යවරුන්ට ජනතාව වෙනුවෙන් යමක් කළ හැකි වාතාවරණයක් උදාකර දීමට පියවර ගනු ඇති බවට විශ්වාස කරන බවයි. නව වසරේ මුල් මාස දෙක තුළ මේ ගැටළුවට නිසි විසඳුම් ලබා නොදෙන්නේ නම් අමාත්‍යධූරවල රැඳී සිටීමෙන් ඵලක් නොවන බවත් එසේ වන්නේනම් කුමක් කරන්නේදැයි දෙවනුව සිතා බැලීමට සිදුවන බවත් අමාත්‍ය පාලිත රංගේබණ්ඩාර මහතා සඳහන් කර සිටියේය.

මාධ්‍යවේදීන් කිහිපදෙනෙකු සමග පසුගියදා අමාත්‍යංශයේදී පැවැති සාකච්ඡාවකදී අමාත්‍ය පාලිත රංගේබණ්ඩාර මහතා මේ බව සඳහන් කළේය.

ඔහු යෝජනා කර සිටින්නේ රාජ්‍ය අමාත්‍යංශ වෙත විෂයපථයන් වෙන් කර දීමට පියවර ගත යුතු බවයි. එමෙන්ම ඔහු කියා සිටියේ රාජ්‍ය අමාත්‍යංශ වෙත මේවන විටත් ලේකම්වරු ලබා දීමට පියවර ගෙන ඇතත් ප‍්‍රායෝගිකව වැඩකටයුතු සිදු කිරීමට හැකි වාතාවරණයක් නොමැති බවයි. රාජ්‍ය අමාත්‍යංශ මගින් ඵලදායී සේවාවක් සිදු කිරීමටනම් වෙනම වැය ශීර්ෂයක් මගින් මුදල් ප‍්‍රතිපාදන වෙන් කර දිය යුතු බවද ඔහු යෝජනා කර සිටියි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය පාලිත රංගේබණ්ඩාර මෙසේද පැවැසීය.

"රාජ්‍ය අමාත්‍යවරුන් ලෙස පත් වෙලා ඉන්න බොහෝ දෙනෙක් ශක්තිමත්ව නිර්මාණශීලීව වැඩ කරන්න පුළුවන් අයයි. එවැනි ජනතා නියෝජිතයින් නිකරුණේ ඉන්න කැමති නැහැ. වසර ගණනක් අපි බලන් හිටියේ ජනතාවට වැඩ කරන්න. ආණ්ඩු බලය ලැබුණම අපි සතුටු වුණේ ඒ නිසයි. එහෙත් රාජ්‍ය අමාත්‍ය කිරුළ යටතේ වැඩ කරන්න තිබුණු ශක්තිය නැති වෙලා. 
අපි දැන් අරගල කරන්නේ වැඩ කරන්න පුළුවන් වාතාවරණයක් සකස් කර ගන්න. හැබැයි මෙහෙම අරගල කරන්න සිද්ද වෙයි කියලා එදා අපිවත් මහජනයාවත් හිතුවෙ නෑ. ඉතිං අපි වැඩ කරන්න බලය ඉල්ලලා ඉල්ලීම් ඉදිරිපත් කරනවා. මේක බරපතළ ගැටළුවක්. ඒ වගේම රාජ්‍ය අමාත්‍යවරුන්ට සිදු වෙලා තියෙන අසාධාරණය ආණ්ඩුවටත් එච්චර හොඳ තත්ත්වයක් නෙමෙයි.
ඒ නිසයි අපි රාජ්‍ය අමාත්‍යංශ සඳහා ගැසට් මගින් විෂය පථයන් වෙන් කරන්න කියල ජනාධිපතිවරයාගෙන් වගේම අගැමැතිතුමාගෙනුත් ඉල්ලා සිටියේ. වැඩ කරන්න වගේම ජනතාව දුන් බලය රැකගැනීමත් වෙනුවෙන් තමයි මේ යෝජනා ඉදිරිපත් කරන්නේ."

දේශපාලනයේදී ආන්දෝලනාත්මක චරිතයක් වූ පාලිත රංගේබණ්ඩාර මහතා 2010 ජුනි මස 21 වනදා අරලියගහ මන්දිරයට සිය පවුල පිටින් ගොස් එවකට ජනපති මහින්ද රාජපක්ෂ මහතා හමුවී කෘතවේදීත්වය ද පළ කළේය. ඒ, තමන්ගේ එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයකු සමඟ ඇති වූ ගැටුමකින් තුවාල ලැබීමෙන් පසු ප්‍රතිකාර ගැනීමට උපකාර කිරීම පිළිබඳව ය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6008197336319824525

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item