සීමා නිර්ණ වාර්තාව බාරගැනීම බලධාරීන් මඟහරිනවා

සීමා නීර්ණ අභියාචනා කමිටු වාර්තාව නොසලකා හරිමින් පළාත් පාලන ආයතන ඡන්ද විමසීම කල්දැමීමේ සූදානමක් පවතින බවට දේශපාලන පක්ෂ කිහිපයක් පවසයි. අ...

සීමා නීර්ණ අභියාචනා කමිටු වාර්තාව නොසලකා හරිමින් පළාත් පාලන ආයතන ඡන්ද විමසීම කල්දැමීමේ සූදානමක් පවතින බවට දේශපාලන පක්ෂ කිහිපයක් පවසයි.

අදාළ කමිටු වාර්තාව සකස් කර අවසන් වුවද එය බාරගැනීම මඟහරිමින් ආණ්ඩුවේ බලධාරීන් කටයුතු කරන බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් ද ජයතිස්ස ප්‍රකාශ කළේය.

කඩිනමින් අදාළ වාර්තාව බාරගෙන ගැසට් මඟින් ප්‍රකාශයට පත් කළ යුතු බව ජාතික හෙළ උරුමය පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක නිශාන්ත ශ්‍රී වර්ණසිංහ පැවසීය.

ලබන වසරේදී ද ඡන්දය පැවැත්වීමේ සුදානමක් ආණ්ඩුවට නොමැති බව දෙමළ ජාතික සන්ධානයේ උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ සිවාජිලිංගම් පවසා සිටියේය.

මේ අතර සීමා නිර්ණ අභියාචනා කමිටුව එල්ල කරන චෝදනා ප්‍රතික්ෂේප කරන බව අද පෙරවරුවේ අමාත්‍ය ෆයිසර් මුස්තාෆා වැඩිදුරටත් සඳහන් කළේය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1611161047515074099

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item