චෝදනා ඔප්පු කළොත් මම ඉල්ලා අස්වෙනවා! - ඉදිරියේදී සහල් ආනයනය කරනවා

වී නිකුත් කිරීමේදී මෝල් හිමියන්ගෙන් කොමිස් මුදල් ලබා ගත් බවට තමාට ඇතමුන් චෝදනා නඟන බවත් තමා එසේ කළ බවට ඔප්පු කළහොත් තමන් මන්ත්‍රී ධූරයෙන්...

වී නිකුත් කිරීමේදී මෝල් හිමියන්ගෙන් කොමිස් මුදල් ලබා ගත් බවට තමාට ඇතමුන් චෝදනා නඟන බවත් තමා එසේ කළ බවට ඔප්පු කළහොත් තමන් මන්ත්‍රී ධූරයෙන් සහ ඇමති ධූරයෙන් ඉල්ලා අස්වන බවත් ග්‍රාමීය ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍ය පී. හැරිසන් පවසයි. 

ඒ මහතා මේ බව පැවසුවේ සහල් සම්බන්ධයෙන් මේ දිනවල ඇතිවී ඇති අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් පැහැදිලි කිරීම සඳහා අද (03) කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ  හැරිසන්,

“මීට පෙර වී නිකුත් කිරීම කළේ ඇමතිතුමාගේ ලිපියකට අනුව. ඒත් මේ ආණ්ඩුව යටතේ අපි වී අලෙවි මණ්ඩලය හරහා ටෙන්ඩර් කැඳවලා ටෙන්ඩර් පටිපාටියකට අනුව තමා වී නිකුත් කිරීම සිදුකළේ. ඒ වගේම එතන තිබුණ ප්‍රශ්නයක් තමා එකම පුද්ගලයා වී ගන්න ටෙන්ඩර් කිහිපයක් දාන එක. ඒත් ටෙන්ඩර් ලබා දිය යුත්තේ වැඩිම මිලට ටෙන්ඩරය දාලා තියෙන කෙනාට නිසා අපි ඒ අනුව ටෙන්ඩර් ලබා දුන්නා.

වී නිකුත් කිරීම ගැන මුදල් අමාත්‍යාංශයේ කමිටුවක් දාලා තිබුණා. ඒකෙදි තීරණයක් ගත්තා වී අලෙවි මණ්ඩලයේ ලියාපදිංචි වෙන මෝල් හිමියන්ට පමණක් වී නිකුත් කිරීම කළ යුතුයි කියලා. මීට පෙර එහෙම ක්‍රමයක් අනුගමනය කරලා තිබුණෙ නැති නිසා වී අලෙවි මණ්ඩලයට පාඩු වුණා. මේ තීරණය අනුව මෝල් හිමියන් 307 ක් ලියාපදිංචි වුණා. කොහොම වුණත් දිස්ත්‍රික්ක හා සහල් වර්ගය අනුව ඉහළම මිල වෙනස් වෙනවා. ඒ නිසා අපි ඒ පිළිබඳව සලකලා බලලා තමා කටයුතු කරන්නෙ. ඒ වගේම අසාදු ලේඛනයේ ඉන්න අයට දුන්නෙත් නෑ. 

දැන් තියෙන තත්ත්වය අනුව අපි ඉදිරියේදී සහල් ආනයනය කරන්න පියවර ගන්නවා. අද ඒකෙ ටෙන්ටර් විවෘත කරනවා.“



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8139119370229275947

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item