ඇමරිකානු තානාපති සමග සම්බන්ධන් රහස්‌ කතාවක

ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති අතුල් කේශාප් සහ ද්‍රවිඩ සන්ධාන නායක ආර්. සම්බන්ධන් අතර තානාපති නිල නිවසේදී රහස්‌ සාකච්ඡාවක්‌ පවත්වා ඇත. ...

ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති අතුල් කේශාප් සහ ද්‍රවිඩ සන්ධාන නායක ආර්. සම්බන්ධන් අතර තානාපති නිල නිවසේදී රහස්‌ සාකච්ඡාවක්‌ පවත්වා ඇත.

මෙම සාකච්ඡාවට මුල් වී ඇත්තේ රජයේ සංහිඳියා බළකාය ජාත්‍යන්තර විනිසුරුවරුන් සහිත හයිබ්‍රිඩ් අධිකරණයක්‌ ස්‌ථාපිත කළ යුතු යෑයි කළ නිර්දේශය පිළිබඳ කරුණු බව වාර්තා වෙයි.

මෙහිදී සාකච්ඡාවට ලක්‌ වූ කරුණු ද්‍රවිඩ සංධානය හෙළි කර නැතත් එම කරුණු උතුරේ මාධ්‍ය විසින් ප්‍රචාරය කර ඇත.

ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී එම්. සුමන්තිරන්ද මෙම සාකච්ඡාවට මැදිහත් වී තිබේ.

ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වීම විදේශ තානාපතිවරුන්ට තහනම් නමුත් ඇමරිකානු තානාපතිවරයා එම තහනම නොතකා කටයුතු කරන බව විදේශ කටයුතු අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4235800198854111815

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item