ජනපති ගිය හෙළිකොප්ටරය හදිස්සියේ මගින් හරවයි

මුලතිව්හි පැවැත්වීමට නියමිතව තිබු මුල්යාවලෛ විද්‍යානන්ද විදුහලේ විද්‍යාගාර ගොඩනැගිල්ල විවෘත කිරීම හා යුද්ධයෙන් අවතැන්වූ ජනතාවට ඉඩම් ඔප්පු...

මුලතිව්හි පැවැත්වීමට නියමිතව තිබු මුල්යාවලෛ විද්‍යානන්ද විදුහලේ විද්‍යාගාර ගොඩනැගිල්ල විවෘත කිරීම හා යුද්ධයෙන් අවතැන්වූ ජනතාවට ඉඩම් ඔප්පු බෙදාදීමේ උත්සවයට සහභාගී වීමට මුලතිව් බලා ගුවනින් ගිය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා එම ගමන අතරමඟදී අත්හැර දමා නැවත කාර්යාලයට පැමිණ ඇතැයි වාර්තා වේ.

අද ( 25) උදෑසන 10.00ට ඒ මහතා මුලතිව් වෙත යාමට මෙසේ ගොස් ඇති අතර කාලගුණය අයහපත්වීම නිසා එම ගමන අත්හැර දමා ඇති බව ජනාධිපති කාර්යාලය කියා සිටියේය.

ජනපතිවරයා කොළොඹ සිට ගුවනින්, කුරුණෑගල හරහා මුලතිව් බලා යාමට උත්සහ කළ ද, මේ දිනවල පවතින අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් හෙලිකොප්ටරයට ගමන් කිරීමට තරම් පැහැදිලි අහසක් නොවීම නිසා මේ ගමන අත්හැරි බව ද එම කාර්යාලය සඳහන් කළේය.

අධික වැසි නිසා ගුවන් නියමුවන් එම ප්‍රදේශය හරහාද ගමන් කිරීම අපහසු බව පැවසීමෙන් පසුව හෙලිකොප්ටරය ඇඹිලිපිටියෙන් හරවා නැවත කොළඹට පැමිණ ඇතැයි වාර්තා වේ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7594849669247088404

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item