තමන් නිවැරදිකරු බව නාමල් කියයි

අල්ලස් කොමිසමට අපහාස කිරිමේ චෝදනා සම්බන්ධයෙන් තමා නිවැරදිකරු බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (16) ශ්‍රේෂ්ඨාධිකරණය ...



අල්ලස් කොමිසමට අපහාස කිරිමේ චෝදනා සම්බන්ධයෙන් තමා නිවැරදිකරු බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (16) ශ්‍රේෂ්ඨාධිකරණය වෙත දැනුම් දී තිබේ.

ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ අල්ලස් කොමිසම ගොනුකළ පෙත්සම අද කැඳවූ අවස්ථාවේ තම සේවාදායකයා අල්ලස් කොමිසම හමුවේ ප්‍රකාශයක් ලබාදීමට සූදානම් බව නාමල් රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් සඳහන් කළේය.

එබැවින් අදාළ පෙත්සම තවදුරටත් පවත්වාගෙන යාමේ අවශ්‍යතාවක් නොමැති බවත්, අල්ලස් කොමිසම තම සේවාදායකයාට එරෙහි චෝදනා කියවා දැනුම්දිය යුතු බවත් විත්තිකාර පාර්ශවයේ නිතිඥවරුන් ප්‍රකාශ කළේය.

නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර ඇති චෝදනා ප්‍රකාශයට පත්කළ යුතු බව ඊට විරෝධය පළකළ රජයේ නීතිඥවරයා සඳහන් කළේය.

ඒ අනුව විවෘත අධිකරණයේදී එම චෝදනා ප්‍රකාශ කිරිමෙන් පසු ඊට තමා නිවැරදිකරු බව නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කර තිබේ.

පෙත්සම් විභාගය ජනවාරි 31 වන දින යළි සිදු කිරිමට නියමිතය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6248086393368321423

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item