ආයෝජනයට ශ්‍රී ලංකාවේ තත්ත්වය අධි අවදානම් – බ්ලූම්බර්ග් වාර්තාවක්

ආයෝජකයින් විසින් සලකා බලනු ලබන මූල්‍ය, ආර්ථික හා දේශපාලනික කාණ්ඩයන්ට අයත් දර්ශක 29 ක් ඇසුරින් සකස් කරනු ලබන බ්ලූම්බර්ග් ගෝලීය අවදානම් දර්...

ආයෝජකයින් විසින් සලකා බලනු ලබන මූල්‍ය, ආර්ථික හා දේශපාලනික කාණ්ඩයන්ට අයත් දර්ශක 29 ක් ඇසුරින් සකස් කරනු ලබන බ්ලූම්බර්ග් ගෝලීය අවදානම් දර්ශකය අනුව ශ්‍රී ලංකාව අධි අවදානම් කලාපය තුළ සිටින බව නවතම වාර්තාවකින් අනාවරණය කර සිටී. 0 සිට 100 දක්වා වූ බ්ලූම්බර්ග් සමාහාර රාජ්‍ය අවදානම් වර්ගීකරණය අනුව ශ්‍රී ලංකාවට ලැබී ඇති ලකුණු ප්‍රමාණය 12.0 කි.

එක් එක් රටවල මහ බැංකු සතු විදෙස් සංචිත ප්‍රමාණය (රන් සංචිතය හැර) දළ දේශීය නිෂ්පාදිතයෙන් ප්‍රතිශතයක් ලෙසින් සලකා බලා මාසිකව එරට සංචිත පිළිබඳ ඇගයීමක් සිදුකරනු ලබන අතර එහිදී ශ්‍රී ලංකාවට ලැබී ඇති ලකුණු ප්‍රමාණය 3.6% කි. මීට අමතරව වාර්ෂික රැකියා වියුක්තිය පිළිබඳ සිදුකරනු ලැබූ වර්ගීකරණය අනුව 5.2% ක ලකුණු ලබා එම කාණ්ඩයෙන් අවදානම පහළ මට්ටමක සිටින රටක් ලෙසින් ශ්‍රී ලංකාව නම් කර ඇත.

මේ අතර උද්ධමන පුරෝකථනය 5.2% ක් ලෙසින් මෙහිදී ඇස්තමේන්තු කර ඇති අතර විනිමය අනුපාතික උච්ඡාවචනය සම්බන්ධයෙන් ශ්‍රේණිගත කිරීමක් ලැබීමට ශ්‍රී ලංකාව අපොහොසත් වී තිබේ.

මෙම වර්ගීකරණය අනුව 0 සිට 15 දක්වා ලකුණු ලබා ඇති රටවල් අධි අවදානම් කලාපයේ ඇති රටවල් ලෙසින් සලකන අතර 15 සිට 40 දක්වා ලකුණු ලබා ඇති රටවල් ඉහළ අවදානමක් ඇති රටවල් ලෙසින් වර්ගීකරණය කර තිබේ.

එසේම 40 සිට 66 දක්වා රටවල් සාමාන්‍ය අවදානමක් ඇති රටවල් ලෙසින් ද 66 සිට 84 දක්වා ලකුණු ලැබූ රටවල් අවදානම අඩු රටවල් ලෙසින් ද වර්ගීකරණය කර ඇත. 84 සිට 100 දක්වා ලකුණු ලබා ඇති රටවල් මෙහිදී ඉතා අවම අවදානමක් ඇති රටවල් ලෙසින් සැලකේ.

මෙම වර්ගීකරණයේ පළමු ස්ථානය ලකුණු 96.5 ක් ලබා ඇති නෝර්වේ රාජ්‍යයට හිමිව ඇති අතර ලකුණු 95.8 ක් ලබා ඇති ස්විස්ටර්ලන්තය දෙවන ස්ථානයටත්, ලකුණු 94.0 ක් ලබා ඇති ස්වීඩනය තෙවන ස්ථානයටත් පත්ව තිබේ.

මෙම වර්ගීකරණයේ අවසාන ස්ථානය වෙනිසියුලාවට හිමිව ඇති අතර එහි උද්ධමන පුරෝකථනය 403.5% ක් ලෙසින් එහිදී ඇස්තමේන්තු කර ඇත.


මෙම සම්පූර්ණ වාර්තාව සඳහා https://www.bloomberg.com/graphics/global-risk-briefing/ වෙත පිවිසෙන්න.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

ව්‍යාපාරික 8421855467515972188

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item