කෑමට නුසුදුසු සහල් තොගයක් පිටකොටුවෙන් අල්ලයි

පරිභෝජනයට නුසුදුසු සහල් තොගයක් පිටකොටුව ප‍්‍රදේශයේදී සිය භාරයට ගත් බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පවසනවා. ඒ, එම අධිකාරියේ වැටලීම් ඒක...

පරිභෝජනයට නුසුදුසු සහල් තොගයක් පිටකොටුව ප‍්‍රදේශයේදී සිය භාරයට ගත් බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පවසනවා. ඒ, එම අධිකාරියේ වැටලීම් ඒකකය විසින් සිදුකරන ලද විශේෂ වැටලීමකදීයි.

මෙම සහල් තොගය ගබඩා කර තිබුණේ පිටකොටුව ප‍්‍රදේශයේ 4 වන හා 5 වන හරස් වීදියේදී මෙන්ම පරණ යෝර්ක් වීදියේයි.

මේවායින් ලබාගත් සහල් සාම්පල වැඩිදුර පරීක්‍ෂණ සදහා රසායනාගාර වෙත යොමු කිරීමට නියමිතයි.

එහි ප‍්‍රතිඵල ලැබෙන තෙක් සහල් තොගය සීල් තබා ඇති බවයි පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පැවසුවේ.

මෙම සහල් තොගය විදේශ රටවලින් ආනයනය කර ඇති බවටයි පැවසෙන්නේ. එහි සත්‍ය අසත්‍යතාව සොයා බලන බවද එම අධිකාරිය වැඩිදුරටත් කියාසිටියා.

මේ අතර ඉහළ යන සහල් මිළ පාලනයට ඉදිරි දෙසතිය තුළ සහල් ආනයනය කිරීමටයි රජය තීරණය කර ඇත්තේ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3276266966336332533

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item