රතන හිමිගේ තීන්දුව ගැන හෙළ උරුමය ගොළුවත රකියි
පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ස්වාධීන මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කිරීමට ගනු ලැබූ තීරණය සම්බන්ධයෙන් මේ මොහොතේ අදහස් ප...
http://www.sathhanda.com/2017/01/blog-post_627.html
පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ස්වාධීන මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කිරීමට ගනු ලැබූ තීරණය සම්බන්ධයෙන් මේ මොහොතේ අදහස් පළ කළ නොහැකි බව ජාතික හෙළ උරුමයේ සම සභාපති නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන පවසා තිබෙනවා.
ඉදිරියේදී පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස්වී ඒ පිළිබඳ සාකච්ඡා කරන බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා පවසා තිබෙනවා.
පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ජාතික හෙළ උරුමය නියෝජනය කළ ද පසුගිය කාලසීමාවේ ද එම පක්ෂයේ කටයුතුවලට සහභාගි වූයේ නැහැ.
එහෙත් රතන හිමියන් පක්ෂය සමග ගැටලුවක් ඇති කරගෙන නොමැති බවයි ජාතික හෙළ උරුමය මීට පෙර ද ප්‍රකාශ කළේ.
Related