දුමින්ද සිල්වාගේ රියදුරා වෙඩි තබා ඝාතනය කරයි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාගේ රියදුරෙකු වූ පුද්ගලයෙකුට අද (17) පස්වරුවේදී වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ප්‍රහාරයෙන්...

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාගේ රියදුරෙකු වූ පුද්ගලයෙකුට අද (17) පස්වරුවේදී වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

ප්‍රහාරයෙන් ඔහු එම ස්ථානයේදීම මිය ගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ට්‍රනිල් බණ්ඩාර ධර්මසිරි හෙවත් බණ්ඩා නැමැති 34 හැවිරිදි පුද්ගලයෙකුයි මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත්තේ. අතුරුගිරිය ප්‍රදේශයේදී ඔහු කොණ්ඩය කැපීම සඳහා ස්ථානයක රැදී සිටියදී මෙම ප්‍රහාරයට ලක්ව තිබෙනවා.

වෙඩි ප්‍රහාරය එල්ල කර ඇත්තේ පාතාල කල්ලි සාමාජිකයන් බවටයි දැනට විශ්වාස කෙරෙන්නේ.

ඝාතනයට ලක්වූ තැනැත්තාට පුද්ගල ඝාතන දෙකක් සහ තවත් පුද්ගලයෙකු ඝාතනයට තැත් කිරීම සම්බන්ධයෙන්ද චෝදනා එල්ල වී ඇති අයෙක් බවයි පොලිසිය සඳහන් කළේ.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4249946906086835840

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item