බෙංගමුවේ නාලක හිමියෝ නඩුවෙන් නිදහස්‌

ඉල්ලීම් කිහිපයක්‌ මුල්කර ගනිමින් ආබාධිත රණවිරුවන් විසින් පසුගිය නොවැම්බර් 7 වැනිදා කොටුව දුම්රිය ස්‌ථානය අසල සිට ජනාධිපති ලේකම් කාර්යාලය ...

ඉල්ලීම් කිහිපයක්‌ මුල්කර ගනිමින් ආබාධිත රණවිරුවන් විසින් පසුගිය නොවැම්බර් 7 වැනිදා කොටුව දුම්රිය ස්‌ථානය අසල සිට ජනාධිපති ලේකම් කාර්යාලය දක්‌වා පා ගමනින් ගොස්‌ පැවැත්වූ විරෝධතා ව්‍යාපාරයේදී පොදු දේපළවලට අලාභ හානි කිරීම හා මහජන පීඩාවක්‌ වන පරිදි උද්ඝෝෂණය කිරීම යන චෝදනා යටතේ ගොනු කර තිබූ නඩුවෙන් බෙංගමුවේ නාලක හිමියන් ඇතුළු හත්දෙනා මුදාහැරීමට කොටුව මහෙස්‌ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඊයේ (27 දා) නියෝග කළාය.

කොටුව පොලිසිය විසින් එකී නඩුව ගොනු කර ඇත්තේ අපරාධ නඩු විධාන සංග්‍රහයේ නිසි වගන්ති යටතේ නොවන බව පෙන්වා දෙමින් එම නියෝගය කළ මහෙස්‌ත්‍රාත්වරිය නිසියාකාරව එම පිරිසට එරෙහිව නඩු පැවරීමට පියවර ගන්නා ලෙසට පොලිසියට වැඩිදුරටත් නියෝග කළාය. තමන් රාජකාරි නිවාඩු මත සිටියදී කොටුව පොලිසිය විසින් බෙංගමුවේ නාලක හිමියන් ඇතුළු හත්දෙනාට එරෙහිව කරුණු දක්‌වා නොතීසි නියෝග ලබාගෙන ඇති බවත් නිසි ක්‍රියා පටිපාටිය අනුගමනය නොකොට ඔවුන් කැඳවා ඇති බැවින් ඒ සම්බන්ධයෙන් තවදුරටත් නීතිමය පියවර ගැනීමේ හැකියාවක්‌ තම අධිකරණයට නොමැති බවත් මහෙස්‌ත්‍රාත්වරිය එහිදී පෙන්වා දුන්නාය.

පසුගිය 27 වැනිදා අධිකරණය විසින් නිකුත් කරන ලද නොතීසි නියෝග අනුව බෙංගමුවේ නාලක, අගුලුගල්ලේ ශ්‍රී ජිනානන්ද, මාගල්කන්දේ සුදන්ත, මැඩිගල්ලේ පCඳ්C¹ලෝක හා ඉත්තෑකන්දේ සද්ධාතිස්‌ස යන භික්‍ෂුන් වහන්සේ පස්‌නම හා ජීවනී ප්‍රියංකා නමැති කාන්තාව ඊයේ (27 දා) අධිකරණය හමුවේ පෙනී සිටියහ. එම නඩුවේ හයවැනි සැකකාරිය ලෙස නම් කොට තිබූ කේ. කේ. ශ්‍රියාණි නමැත්තිය මේ වන විට විදේශ ගත වී ඇති බව ඇය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අජිත් ප්‍රසන්න මහතා අධිකරණයට දැනුම් දුන්නේය.

නීතිඥ කල්‍යානන්ද තිරණාගම, නීතිඥ රසික බාලසූරිය, ජගත් නානායක්‌කාර, සුදර්ශනී ගුණරත්න ඇතුළු නීතිඥ මණ්‌ඩලයක්‌ විත්තිය නියෝජනය කළහ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6212674318812334495

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item