ගෝඨාභය කොටුකරන්න යහපාලනය හොරාගේ අම්මාගෙන් පේන අසනවාටත් එහා ගොස් හොරාගෙන්ම පේන අසනවාවත්ද ?

2015 ජනවාරි මාසයේ හංසයාට චන්දය දී මහින්ද රාජපක්ෂ ගෙදර යවන විට හා 2015 අගෝස්තුවල එක්සත් ජාතික පෙරමුණට චන්දය දී යහපාලන රජය යලි තහවුරු කරනා ...

2015 ජනවාරි මාසයේ හංසයාට චන්දය දී මහින්ද රාජපක්ෂ ගෙදර යවන විට හා 2015 අගෝස්තුවල එක්සත් ජාතික පෙරමුණට චන්දය දී යහපාලන රජය යලි තහවුරු කරනා විට තමන් මේ පත්කරගන්නේ ලංකා ඉතිහාසයේ කුමන්ත්‍රණකාරීම රජය බව චන්දදායකයින් දැන නොසිටින්නට ඇත. කුමන්ත්‍රණකාරීව අතට ගත් බලය ප්‍රජාතන්ත්‍රවාදීව අතහැරීමට කිසි සේත්ම සුදානම් නැති යහපාලක කල්ලිය බලය අතට ගත් දා සිටකරන්නේ දේශපාලණ ප්‍රතිවාදීන් දඩයම පමනි.

මේ කුමන්ත්‍රණකාරීන් 19 වන ව්‍යවස්ථා සංශෝධණය ගෙන ආවේද රටේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමෙ මුවාවෙන් ප්‍රජාතන්ත්‍රවාදය අසුරා දමන්නට බව බොහෝ දෙනෙකුට එදා වැටහුනේ නැත. 19 වන ව්‍යවස්ථා සංශෝධණයෙත් අත්කරගත්තෙ ජනතාවට අවශ්‍ය දේවල් නොව ආන්ඩුපක්ෂයේ දේශපාලනඥයින්ට අවශ්‍ය පහත දැක්වෙන දේවල්ය ; (1) මහින්ද රාජපක්ෂට යලි ජනාධිපති දූරයට තරඟ කිරීමට අති මං ඇහිරීම, (2) නාමල් රාජපක්ෂ බැරිවෙලාවත් 2020 ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට ඇති මග අහුරා වයස් සීමවක් දැමීම,(3) ද්විත්ව පුරවැසි බව පදනම් කරගෙන බැසිල් රාජපක්ෂට හා ගෝටාභය රාජපක්ෂට පාර්ලිමේන්තු යාමට හෝ ජනාධිපතිවරණය්කට ඉදිරිපත් වීමට ඇති ඉඩ ඇහිරීම,(4) රනිල්ගේ නායකත්වයෙන් ඇති හවුල් ආන්ඩුව කුමන ජනතා අප්‍රසාදයකට ලක්වූවත් වසර 4 1/2කට පෙර පාර්ලිමේන්තුව විසිරවීමට ඇති ප්‍රජාතාන්ත්‍රික ඉඩ අසුරා දැමීම. මේ හැර ජනතාවට මැතිවරණ කාලයේ පොරොන්දුවූ එකදු ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක්වත් 19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ලැබී නැත. මැතිවරණ සඳහා අනුපාත ක්‍රමය වෙනුවට කොට්ටාස ක්‍රමය හඳුන්වා දී නැත. විධායක බල සහිත ජනපති අදත් සිටී. 20 සංශෝදනය සතියක් ඇතුලත කරණ පොරොන්දුව පිට 19 අත්සන් කලාට 20 අද ආගිය අතක් නැත.

මේ මොනවා කලත් ගෝඨාභය රාජපක්ෂ අනාගතයේ දිනක තම ද්විත්ව පුරවැසි බව අතහැර ශ්‍රී ලාංකීය දේශපාලන කරලියට පිවිසෙනු ඇතැයි මහා බියක් රනිල්වික්‍රමසිංහ, රාජිත සේනාරත්න, චම්පික රණවක සජිත් ප්‍රේමදාස, සරත්ෆොන්සේකා හා ඔවුන් මෙන්ම 2020 ජනාධිපතිවරණයේ පොදු අපේක්ශකයා වීමට හොර රහසේ සිහින මවන තවත් අය තුල ඇත.

පසුගිය වසර දෙක පුරාම ගෝඨාභය විනාශ කිරීමේ රහසිගත මෙහෙයුමක් ක්‍රියාත්මක වන්නේ එම නිසාය.

එක්නැලිගොඩ නැමති කොටි ඔත්තුකරු ඝාතනය කලායැයි කිසිදිනෙක ඔප්පු නොවූ චෝදනාමත හමුදා බුද්ධි අංශයේ අති දක්ශ නිලධාරියෙකු වූ ෂම්මි කුමාරත්න ඇතුලු බුද්ධි අංශ නිලධාරීන් 9 දෙනෙකු මාස 16ක් ඇප නොදී රිමාන්ඩ් බන්ධනාගාරයේ තබා ගත්තා මතකද ?. ඔවුන් සියලු දෙනාටම රහස් පොලීසිය කියාතිබුනේ ගෝඨාභයගේ අණින් ඔවුන් එක්නැලිගොඩ ඝාතනය කලායැයි කියන්නට එකඟ වුව හොත් නිදහස් විය හැකි බවය. නමුත් තමුන් මෙම සිද්ධිය සම්බන්ධ නැති බවත් පොරු සාක්කි දෙන්නට නොහැකි බවත් අභීතව කී නිසා එම නිලධාරීන්ට වූයේ මාස 16 කූඩුවේ ලගින්නටය. අවසානයේ ඉවසන්නටම බැරි තැන සිරගතව සිටි එක් නිලධාරියෙකුගේ බිරිඳක් පුවත් පත් සාකච්චාවක් කැඳවා මෙම කුමන්ත්‍රණය හෙලිකලාය. එහෙත් ජනාධිපතිවරයා හෝ රජය අද වනතුරුත් මේ ගැන ස්වාධීන පරීක්ෂණයක් කැඳවා නැත. එසේම අද වනතුරුත් මෙම බුද්ධි අංශ නිලධාරීන් එක්නැලිගොඩ ඝාතනය කලායැයි නඩු පවරන්නට කිසිදු සාක්කියක් ආන්ඩුව ලඟ නැති නිසා ඔවුන් සැලසුම් කල කුමන්ත්‍රණයේ අරමුණ වූයේ මෙම නිලධාරීන් බය කොට ගොඨාභය කොටු කරගැනීම පමනක් බව පැහදිලිය.

දෙවනුව ආන්ඩුව උත්සාහ කලේ පොලිස් වාර්තා අනුව රිය අනතුරකින් මිය ගොස් අද දේශපාලන අවියක් බවට පත්වී ඇති තාජුඩීන්, ගෝඨාභයගේ අනින් ඝාතනය වී යැයි බොරු නඩුවක් පටලන්නටය. එම බොරුවට එකඟ නොවූ නිසා හිටපු උප පොලිස්පති අනුර සේනානායක මහතා හා නාරහේන්පිට පොලීසියේ ඕ අයි සී මහතා මාස 9ක් තිස්සේ නඩු නොමැතිව රිමාන්ඩ් බන්ධනාගාරයේ. මෙයට ගෝඨාභය පැටලුවහොත් තමුන්ට හෙටම ගෙදර යා හැකියැයි රහස් පොලීසිය කී බව අනුර සේනානායක මහතා ප්‍රසිද්ධියේ පුවත් පතකට කීවේය. එහෙත් සුපුරුදු පරිදි ජනාධිපති හෝ රජය ඒ පිලිබඳ කිසිදු පරීක්ෂනයක් නොපවත්වයි.

මෙසේ අවංක නිලධාරීන් බිය කොට ඔවුන්ට වධ හිංසා කොට ගෝඨාභය බොරු මිනී මැරුම නඩුවකට පැටලවිය නොහැකි බව ආන්ඩුව අද තේරුම් ගෙන තිබේ.

ඒ නිසා අවසාන තුරුම්පුව ලෙස ඔවුන් තොරාගෙන තිබෙන්නේ සරත් ෆොන්සේකාවය. ඒ ඔහු යොදාගෙන ලසන්ත ඝාතනයට ගෝඨාභය පැටලවීමට හැකිදැයි බලන්නටය.

ෆොන්සේකාටද මෙය ඉබ්බා දියේ දැම්මා වැනි අවස්ථාවකි. ගෝඨාභය සමග ජම්මාන්තර වෛරයකින් ෆොන්සේකා පෙලෙන බව මේ රටේ නොදන්නෙක් නැත. ඒ නිසා ප්‍රශ්ණ කරන්නාගේ හා උත්තර දෙන්න යන දෙදෙනාගෙම අරමුණ හොඳින් පෑහෙන අවස්ථවක් දැන් උදා වී ඇත.

ලසන්ත ඝාතනය වූ අවස්ථාවේ හමුදාපති වරයා වූයේ සරත් ෆොන්සේකාය. එදා එම ඝාතනයට විපක්ෂයේ ඇඟිල්ල දික්වූයේ සරත් ෆොන්සේකාටය. රනිල් වික්‍රමස්ංහ එදා පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කරමින් සරත් ෆොන්සේකාට චෝදනා කලේය.විපක්ෂයේ ජෝසප් මයිකල් පෙරේරා බී බී සී ආයතනයට එසේම කිවේය.තම සහෝදරයාගේ මරණයට සරත් ෆොන්සේකා වගකිව යුතුබව කියමින් ලසන්තගේ සොහොයුරු ලාල් වික්‍රමතුංග එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කොමසාරිස්ට ලිපියක් ලිවූ බවද මාධ්‍යයන්හි පලවිය. නමුත් යහපාලනය බලයට ගෙන ඒමට උරදුන් නිසා බලයට ආපසු ඒ සියල්ල යටගසන ලදී.

පුදුමය නම් එදා සැකකරුවා අද සාක්කි කරුවා වී තිබීමය. ඒ පොදු සතුරා වන ගෝඨාභය රාජපක්ෂ මොනම ක්‍රමයකින් හෝ කොටු කිරීමේ පහත් දේශපාලනික අවශ්‍යතාව නිසාය. මෙවැනි දුර්දාන්ත පාලනයකින් වෙන කුමක් බලාපොරොත්තු විය හැකිද ?

සංජය අමරතුංග 



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

විශේෂාංග 8944500214435148801

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item