හම්බන්තොට ඉඩම් යළි පවරා ගැනීමට සැරසෙයි

ජනතා විරෝධය හේතුවෙන් අතරමග නතර කර දමා තිබූ හම්බන්තොට ඉදි කෙරෙන චීන කර්මාන්ත පුරය සඳහා ඉඩම් පවරා ගැනීම ආරම්භ කිරීමට රජය තීරණය කර ඇතැයි ඉ...

ජනතා විරෝධය හේතුවෙන් අතරමග නතර කර දමා තිබූ හම්බන්තොට ඉදි කෙරෙන චීන කර්මාන්ත පුරය සඳහා ඉඩම් පවරා ගැනීම ආරම්භ කිරීමට රජය තීරණය කර ඇතැයි ඉඩම් අමාත්‍යාංශයේ ලේකම් අයි. එස්‌. කේ. මහානාම පවසයි.

කර්මාන්ත පුරය සඳහා හම්බන්තොට, මාතර සහ මොණරාගල දිස්‌ත්‍රික්‌කවල පිහිටි රජයට අයත් හිස්‌ ඉඩම් සහ අනවශ්‍ය පෞද්ගලික ඉඩම් අදියරෙන් අදියර රජයට පවරා ගැනීමට ඉඩම් අමාත්‍යාංශය තීරණය කර තිබෙන බව ඔහු පෙන්වා දෙයි.

පවරා ගැනීමට සැලසුම් කර ඇති මුළු ඉඩම් ප්‍රමාණයෙන් සියයට 95 ක්‌ම රජයට අයත් ඉඩම් බවද ලේකම්වරයා පැවසී ය.

විපක්‍ෂයේ ඇතැම් දේශපාලනඥයින් සහ සංවිධානාත්මක කණ්‌ඩායම් විසින් ගෙන ගිය ජනතාව නොමග යැවීමේ ප්‍රචාරය නිසා මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට කර්මාන්ත පුරයට අයත් වන ප්‍රදේශවල ඉඩම් මැනීමට නොහැකි වූ බවද ලේකම්වරයා වැඩිදුරටත් පැවසී ය.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6611699958182344958

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item