අර්ජුන් රැස්වීම්වලට ආවාදැයි ලේකම්ගෙන් අසයි

මහබැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා මුදල් අමාත්‍යාංශයේ රැස්වීම්වලට සහභාගිවූයේදැයි කරුණු පැහැදිලි කරන ලෙස ඉල්ලා මුදල් අමාත්‍යාං...

මහබැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා මුදල් අමාත්‍යාංශයේ රැස්වීම්වලට සහභාගිවූයේදැයි කරුණු පැහැදිලි කරන ලෙස ඉල්ලා මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතා වෙත අද (25දා) ලිපියක් යොමු කළ බව දූෂණ විරෝධී පෙරමුණ පවසයි.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී එම පෙරමුණේ නායකයන් මෙම ලිපිය ප්‍රසිද්ධ කළ අතර එහි සඳහන් කර ඇත්තේ අර්ජුන් මහේන්ද්‍රන් මහතා මුදල් අමාත්‍යාංශයේ රැස්වීම්වලට සහභාගි වූ බවට ලිඛිත සාක්ෂි ඇති බවය.

දුෂණ විරෝධී පෙරමුණේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් සහ එහි උපදේශක රංජිත් කීර්ති තෙන්නකෝන් මහතා විසින් අත්සන් කළ එම ලිපිය පහතින් දැක්වේ.


2017 ජනවාරි මස 25 වැනිදා 
ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතා,
මුදල් අමාත්‍යාංශ ලේකම් 
මුදල් අමාත්‍යාංශය,
කොළඹ. 

ප්‍රිය ලේකම්තුමනි,

අර්ජුන් මහේන්ද්‍රන් මහතා සම්බන්ධ පුවත්පත් නිවේදනය 

මහබැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය විසින් ඊයේ (ජනවාරි 24) නිකුත් කරනු ලැබූ පුවත්පත් නිවේදනය සම්බන්ධයෙනි.

මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස දිගු කාලීන අත්දැකීම් ඇති, රජයේ පරිපාලන රෙගුලාසි හොඳින් හඳුනන ගෞරවනීය පුද්ගලයෙකු ලෙස ඔබගේ මිතුරන් නිතර හඳුනාගෙන ඇති ඔබගේ කරුණු පැහැදිලි කිරීම පිළිබඳ ස්තුතිය පළ කරමු.
එමෙන්ම, ඔබට ද පිටපතක් සහිතව දූෂණ විරෝධී පෙරමුණ ජනවාරි 23 දින ගරු ජනාධිපතිවරයා වෙත යොමු කළ ලිපියටද මෙවැනිම කාර්යක්ෂමතාවකින් පිළිතුරු සපයන්නේ නම් අතිශයින් කෘතඥ වෙමි. 

ඔබ විසින් පුවත්පත් නිවේදනයේ දක්වා ඇති පරිදි අර්ජුන් මහේන්ද්‍රන් මහතා මුදල් අමාත්‍යාංශයේ කිසිදු තනතුරක් නොදරන අයෙකු නම්, ඔහු පසුගිය මාස ගණනාවේම ඔබ ද සහභාගි වූ මුදල් අමාත්‍යාංශයේ රැස්වීම් සඳහා සහභාගි කර ගත්තේ කුමන පදනමකින්ද? යන්න පැහැදිලි කිරීම ඔබ සතු පැහැර නොහැරිය හැකි වගකීමකි.

එමෙන්ම, 2017 ජනවාරි 6 දින පෙ.ව. 11 ට අමාත්‍යාංශයේ පැවති රැස්වීමට අර්ජුන් මහේන්ද්‍රන් මහතා සහභාගි වූවාද? එසේ නම් ඔහු එම රැස්වීමට සහභාගි වූයේ කුමන පදනමකින්ද? 

මහජන සුබසෙත ගරු කරන රාජ්‍ය නිලධාරියෙකු ලෙස ඔබ උක්ත කරුණ පිළිබද කටයුතු කරනු ඇතැයි අප උදක්ම බලාපොරොත්තු වෙමු.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 9092726125932405263

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item