මේක වහ පාලනයක්-රටටත් විසයි-අනාගත පරපුරටත් විසයි

සංවර්ධන විශේෂ විධිවිධාන පනත තුළින් 'සුපිරි ඇමති' වීමට උත්සාහ දරන්නේ අන් කිසිවෙකු නොව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ බව සමාජවාදී ජ...

සංවර්ධන විශේෂ විධිවිධාන පනත තුළින් 'සුපිරි ඇමති' වීමට උත්සාහ දරන්නේ අන් කිසිවෙකු නොව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ බව සමාජවාදී ජනතා පෙරමුණේ මහාචාර්ය තිස්ස විතාරණ   පවසයි.

ජනාධිපති‍වීමේ හැකියාවක් නොමැති නිසා එම බලතල කෙසේ හෝ අත්පත් කර ගැනීමේ අරමුණෙන් යුතුව මෙම පනත් කෙටුම්පත ගෙනවිත් ඇති බව විතාරණ මහතා කියා සිටියේ අද(02) කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.

මේ ආණ්ඩුවට තමන් කිසි විටෙකත් යහපාලන ආණ්ඩුව යයි නොකියන බවත්, මෙය වහපාලන ආණ්ඩුවක් බවත්, එම නිසා මෙම ආණ්ඩුව රටටත්,අනාගත පරම්පරාවටත් විස බව ඔහු සඳහන් කළේය.

මෙම ආණ්ඩුව තුළ ශ්‍රීලනිප පිරිස් සිටියද ක්‍රියාත්මක වන්නේ එජාප ප්‍රතිපත්ති පමණක් බවත්,එජාප ප්‍රතිපත්ති කවදත් රටට හිත‍කර ‍නොවූ බවත් ඔහු කියා සිටියේය.

මේ අතර මෙම මාධ්‍ය හමුවට එක්වුණු ශ්‍රී ලංකා සමාජවාදී පෙරමුණේ මහ ලේකම් රාජා කොල්ලුරේ මහතා කියා සිටියේ දැන් ආණ්ඩුව තව දුරටත් අනුවණ ලෙස ක්‍රියා කරනවාද,එසේත් නැතිනම් පනත අකුළා ගන්නවාද යන්න තීරණය කළ යුතු කාලය එළඹ ඇති බවයි.

මේ වන විටත් මෙම පනත් කෙටුම්පත පළාත් සභා 9න් 8ක්ම පරාජයට පත්කර ඇති බව කොල්ලුරේ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6841988219727781614

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item