විගණකාධිපතිට එරෙහි යෝජනාවක් මැතිසබයට!

විගණකාධිපතිවරයාට එරෙහි යෝජනාවක් පාර්ලිමේන්තුවට ගෙන ඒමට එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් සූදානම් වන බවට දේශපාලන ආරංචි මාර්ග පවසයි...

විගණකාධිපතිවරයාට එරෙහි යෝජනාවක් පාර්ලිමේන්තුවට ගෙන ඒමට එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් සූදානම් වන බවට දේශපාලන ආරංචි මාර්ග පවසයි.

කල් තැබීමේ යෝජනාවක් ලෙස එය ඉදිරිපත් කරනු ඇති බවට වාර්තා වේ.

එම යෝජනාව බොහෝ දුරට අද දිනයේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇත.

මෙම යෝජනාව සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් ඊයේ දිනයේ සාකච්ඡාවක් පවත්වා ඇති බවට ද වාර්තා වේ.

මේ අතර මහ බැංකු බැදුම්කර නිකුත් කිරීමට අදාළව විගණකාධිපතිවරයා ඉදිරිපත් කළ වාර්තාව ජාත්‍යන්තර ක්‍රමවේදයන්ට පටහැනිව සකසා ඇති බවට ලෝක බැංකුව විසින් දැනුම් දී ඇතැයි අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසූ බව ඇතැම් මාධ්‍ය වාර්තාකර තිබිණ.

කෙසේවුවද පසුගියදා විගණකාධිපතිට දුරකථන ඇමතුමක් ලබාදී ඇති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, කිසිඳු දේශපාලන බලවතෙකුට වංචා දුෂණ යට ගැසීමට ඉඩනොදෙන ලෙසත්, ජනතාව වෙනුවෙන් නොබියව කටයුතු කරන ලෙසත් දැනුම් දී තිබේ.

ජනාධිපතිවරයා එම දුරකථන ඇමතුම ලබාදී ඇත්තේ, ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයකු විසින් විගනකාධිපතිවරයට තර්ජනය කිරීමේ පුවතක් වාර්තාවීමත් සමගය.

රාජකීය හොර පවුලකට එරෙහිව පසුගිය ආණ්ඩුවෙන් එලියට පැමිණි තමාට, දැන් හොරු කල්ලියක් සමග එකට සිටීමට සිදුව තිබෙන බව ද ජනාධිපතිවරයා එහිදී දැඩි කනස්සල්ලෙන් යුතුව පවසා ඇතැයි විගණකාධිපති දෙපාර්තමේන්තු ආරංචිමාර්ග පවසයි.

අදාළ ඇමතිවරයා ඉල්ලු වාර්තාවක පිටපතක් විගණකාධිපති විසින් කතානායක වරයාට ලබාදීම සම්බන්ධයෙන් මෙම තර්ජනය සිදුව ඇතැයි වාර්තාවේ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6197331772476343473

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item